චීන ජාතික දින සැමරුම් හමුදා උත්තමාචාර පෙළපාළිය පිළිබඳ ලොව පුරා දැඩි අවධානය

2019-10-02 14:36:51
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන ජාතික දින සැමරුම් උළෙලේ පැවැත්වූ හමුදා උත්තමාචාරය හා මහජන පෙළපාළියෙන් තමා සලිත වූ බව එක්සත් ජාතීන්ගේ ජිනිවා කාර්යාලයේ සංස්කෘතික කමිටුවේ නිලධාරී Thomas Kryger මහතා පවසයි.

ඔහු ඊයේ(1) ජිනිවාහිදී චීන මාධ්‍ය සමූහයේ මාධ්‍යවේදීන් සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් නව චීනයේ 70 වැනි ජාතික දිනය සඳහා සිය සුභ පැතුම් පළ කළේය. තමා අන්තර්ජාලයෙන් එම සැමරුම් උළෙල නැරඹූ බවත් එය වමත්කාරී එකක් බවත් ඔහු පැවසීය. විශේෂයෙන් හමුදා උත්තමාචාරයට එක් වූ සෙබළුන් ඉතා ක්‍රමානුකූල ලෙස පිය තැබූහ. එහි ප්‍රදර්ශනය කෙරුණු විශාල ප්‍රමාණයේ අවි ආයුධ ද සිත් ඇද ගන්නා සුළුය. විශාල පිරිස්වලින් සමන්විත මහජන පෙළපාළියෙන් එක් එක් දැකුම්කලු චිත්‍ර හැඩ ගැසී තිබෙන බව ද Thomas Kryger මහතා සඳහන් කළේය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති