ඇමරිකාවේ එම්පයර් ගොඩනැගිල්ල චීනයේ 70වැනි ජාතික දිනය සමරයි

2019-10-01 17:24:24
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ සංකේතවත් ගොඩනැගිල්ල වශයෙන් එම්පයර් ගොඩනැගිල්ල සැප්තැම්බර් 30 වන දින රාත්‍රියේ රතු සහ කහ විදුලි පහන් දැල්වී මෑන්හැට්න් අහසෙහි සුන්දර දර්ශනයක් බවට පත් විය.

නිව්යෝර්ක්හි චීන කොන්සල් කාර්යාලය සහ එම්පයර් ගොඩනැගිල්ල 30 වනදා උදෑසන ආලෝකකරණ උත්සවයක් පැවැත්විය. නිව්යෝක් හි චීනයේ කොන්සල් ජනරාල් හුවාං පිං මහතා සහ එම්පයර් බිල්ඩිං සමාගම් සභාපති Anthony E. Malkin මහතා එහිදී දේශන පැවැත්වූහ.

ලොසුපතළ සංකේතවත් ගොඩනැගිල්ලක් වන එම්පයර් ගොඩනැගිල්ල චීනය ඇතුළු ලොව පුරා ජනතාවගේ අවධානය ආකර්ෂණය කර ගන්නා බව හුවාං පිං මහතා පෙන්වා දුන්නේය. නව චීනය ස්ථාපිත වීමේ 70 වන සංවත්සරය සැමරීම සඳහා පහන් දැල්වීමෙන් එම්පයර් ගොඩනැගිල්ලට පෙරට වඩා වැඩි චීන සංචාරකයින් ආකර්ෂණය කර ගත හැකි වේ. එපමණක් නොව, එය චීන-ඇමරිකා සම්බන්ධතාව වෙනුවෙන් ආලෝකමත් කිරීමේ ප්‍රදීපාගාරයක් බවට පත් වනු ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

Anthony E. Malkin මහතා සිය දේශ‍නයෙන් චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 70 වන සංවත්සරය වෙනුවෙන් සුබ පැතුම් පිරිනැමීය. චීන ජනතාවට සිය මිත්‍රත්වය හා උද්‍යෝගය පෙන්වීම සඳහා එම්පයර් ගොඩනැගිල්ල පහන් දල්වා තිබෙන බව ඔහු හෙළි කොට ඇත.


ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති