එක්සත් ජාතීන්ගේ නියෝජිතයෝ නව චීනය ස්ථාපිතවීමේ 70 වැනි සංවත්සරය සමරති

2019-09-22 15:38:22
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

එක්සත් ජාතීන්ගේ නිලධාරීහු සහ රටවල් රැසක නියෝජිතවරු නව චීනය ස්ථාපිතවීමේ 70 වැනි සංවත්සරය සමරති.

එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිත පිරිස පසුගිය 20වැනිදා රාත්‍රී චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිතවීමේ 70වැනි සංවත්සර සැමරුම් උත්සවයක් පැවැත්විය. එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ රටවල් රැසක නියෝජිතවරු චීන වර්ධනීය ප්‍රතිඵල සහ ලෝක සාමය ආරක්ෂා කොට ගෝලීය සංවර්ධනය ඉදිරියට ගෙන යාම උදෙසා චීනය කැප කර ඇති දායකත්වය එහිදී ඉහළින් අගය කළහ.

මෙම අවස්ථාවේදී නව චීනය ස්ථාපිතවීමේ 70වැනි සංවත්සරය නිමිත්තෙන් ලොව පුරා සේවය කරන චීන සාම සාධක භටයින්ට ස්තුතිය පළ කිරීමට තමන් කැමති බව එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු පිළිබඳ උප මහලේකම් Jean-Pierre Lacroix මහතා පැවසීය.

ආරක්ෂක මණ්ඩලයේ ස්ථාවර සාමාජික රටවල් පහෙන් විශාලතම හමුදා දායකත්වයක් සපයන්නේ චීනය බව එක්සත් ජාතීන්ගේ සාම සාධක ක්ෂේත්‍ර සහාය කටයුතු පිළිබඳ උප මහලේකම් Atul Khare මහතා පැවසීය. එක්සත් ජාතීන්ගේ සංවිධානය චීනයේ දායකත්වය පිළිබඳව බෙහෙවින් ස්තුති කරන අතර ඉදිරියේදී චීනය එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි බහුපාර්ශ්වික පද්ධති සඳහා අඛණ්ඩව සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන බව ඔහු සඳහන් කළේය.

චීනය මෑත දශක කිහිපය තුළ විශාල ප්‍රගතියක් ලබා ඇති බවත් දැන් එය ලෝකයේ ප්‍රධාන ආර්ථික ඒකකයක් බවට පත්ව ඇති බවත් එක්සත් ජාතීන්ගේ රුසියානු ස්ථාවර නියෝජිත Vasily Nebenzya මහතා පැවසීය. රුසියා-චීන සබඳතා අන්‍යෝන්‍ය ගෞරවය හා විශ්වාසය මත පදනම් වී ඇති බවත් එය අද පවතින කැළඹිලි ලෝකයේ ස්ථාවර සාධක බවත් ඔහු සඳහන් කළේය.

“එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළ සමස්ත ලෝකයටම ඉතා වැදගත් වන අතර පාකිස්තානය මෙම වැඩපිළිවෙළට සහභාගී වීම පිළිබඳව ඉතා සතුටට හා ආඩම්බරයට පත්වන බව එක්සත් ජාතීන්ගේ පාකිස්තාන ස්ථාවර නියෝජිත Maleeha Lodhi මහතා කියා සිටියේය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති