චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 70 වන සංවත්සරය වෙනුවෙන් ජගත් මහලේකම්ගෙන් සුබ පැතුම්

2019-09-21 15:13:34
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

එක්සත් ජාතීන්ගේ චීන නියෝජිත කණ්ඩායම චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 70 වන සංවත්සරය වෙනුවෙන් ඊයේ(20) පිළිගැනීමේ උත්සවයක් පැවැත්විය.ඒ සඳහා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් Antonio Guterres මහතා සුබ පැතුම් යොමු කළේය.

එක්සත් ජාතීන්ගේ ව්‍යායාමයට ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන චීනය ජාත්‍යන්තර සහයෝගතාවටත් බහුපාර්ශ්විකවාදයටත් කුළුණක් බව සිය සුබ පැතුම් කතාවේදී ගුටරෙස් මහතා කියා සිටියේය. වර්තමාන ගෝලීය ගැටලු විසඳීම සඳහා චීනය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග එක්ව සැම විට ම කටයුතු කරමින් සිටින බව ඔහු අවධාරණය කළේය.

තිරසාර වර්ධන අරමුණු ක්‍රියාත්මක කිරීමේ ප්‍රමුඛයා චීනය බව ගුටරෙස් මහතා පෙන්වා දුන්නේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය දක්වන දේශපාලන හා මූල්‍යමය සහයෝගය කෙරෙහි ඔහු විශේෂයෙන් ස්තුති පළ කොට ඇත.

සාමය, ආරක්ෂාව, මානව හිමිකම් සහ සංවර්ධනය යනාදී ක්ෂේත්‍රවල ඇති ගෝලීය අභියෝගයන්ට සම්බන්ධීකරණ ලෙස මුහුණ දීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට චීනය දක්වන දැඩි සහයෝගය කෙරෙහි ද ගුටෙරෙස් මහතා සිය කෘතඥතාව පළ කළේය .

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති