ඇමරිකානු ආර්ථිකය අවපාතයකට ගොදුරු වීමේ අවදානමක්

2019-09-11 14:47:18
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ලබන වසරේදී ඇමරිකානු ආර්ථිකය අවපාතයකට ගොදුරු වීමේ අවදානමක් ඇති බවට ඇමරිකානු ජනතාවන්ගෙන් 60% ක් විශ්වාස කරති.

ඇමරිකාවේ Washington Post සහ ABC ගුවන් විදුලි සංස්ථාව ඊයේ(10) නිකුත් කළ ඒකාබද්ධ සමීක්ෂණයක මේ බව සඳහන් වේ.

පසුගිය නොවැම්බර් මාසයේ සමීක්ෂණය හා සසඳන විට, ඇමරිකානු ආර්ථිකය තවම “විශිෂ්ට” හෝ “යහපත්” බවට විශ්වාස කරන ප්‍රතිචාර දැක්වූවන්ගේ අනුපාතය 10%කින් දැඩි ලෙස පහත වැටී ඇත. එම අනුපාතය දැනට 56%ක් වේ. ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 43% ක් විශ්වාස කරන්නේ ඇමරිකානු රජයේ වෙළෙඳ හා ආර්ථික ප්‍රතිපත්ති ‍හේතුවෙන් ලබන වසරේ අවපාතයක් ඇතිවීමේ සම්භාවිතාව වැඩි බවයි. එසේම ඇමරිකානුවන්ගෙන් 60% ක් ආර්ථික හා වෙළෙඳ ආරවුල් මගින් දෛනික ජීවන පිරිවැය ඉහළ යනු ඇතැයි කනස්සල්ලට පත්ව සිටින අතර, ඔවුන්ගෙන් තුනෙන් එකක් ඒ පිළිබඳව දැඩි කනස්සල්ලට පත්ව සිටිති.

ස්ත්‍රී පුරුෂ භාවය අනුව, ඇමරිකානු කාන්තාවන් රජයේ ආර්ථික හා වෙළෙඳ ප්‍රතිපත්ති පිළිගැනීම පිරිමින්ට වඩා අඩු වන අතර එම අනුපාතය 30%ක් පමණය.

මෙවර සමීක්ෂණය පසුගිය 2වැනිදා සිට 5වැනිදා දක්වා පැවති අතර ඇමරිකානු වැඩිහිටි පුද්ග‍ලයෝ 1003 දෙනෙක් ඊට සහභාගී වූහ.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති