3වැනි චීන-ඇෆ්ගනිස්ථාන-පාකිස්ථාන විදේශ ඇමති සංවාදයේ ඒකාබද්ධ නිවේදනය නිකුත් කෙරේ

2019-09-09 15:53:24
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn



3වැනි චීන-ඇෆ්ගනිස්ථාන-පාකිස්ථාන විදේශ ඇමති සංවාදය පසුගිය 7 වැනිදා පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හිදී පැවැත්විණ. චීන රාජ්‍ය මණ්ඩල සාමාජික, විදේශ ඇමති Wang Yi මහතා, ඇෆ්ගනිස්ථාන විදේශ ඇමති Salahuddin Rabbani මහතා සහ පාකිස්ථාන විදේශ ඇමති Shah Mahmood Qureshi මහතා ඊට එක් වූහ.

අද(9) නිකුත් කළ එම ඒකාබද්ධ නිවේදනයට අනුව චීනය, ඇෆ්ගනිස්ථානය හා පාකිස්ථානය වෙනස්කම් රහිතව සියළු ආකාරයේ ත්‍රස්තවාදය මර්දනය කිරීම යළි අවධාරණය කර ඇත. මෙම රටවල් තුනේ භූමි ප්‍රයෝජනයට ගෙන සෙසු රටවලට එරෙහිව ක්‍රියාකාරකම් සිදු කිරීමට කිසිඳු ත්‍රස්තවාදී සංවිධානයක්, බලවේගයක් හෝ පුද්ගලයෙකුට ඉඩ නොදෙන බව යළි ප්‍රකාශ කෙරේ. අඛණ්ඩව දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය ශක්තිමත් කිරීමට රටවල් තුනේ විදේශ ඇමතිවරුන් එකඟ වූ අතර සංහිඳියාව, කලාපීය සාමය හා ස්ථාවරත්වය, සංවර්ධන සහයෝගතා හා සන්නිවේදනය, ආරක්ෂිත සහයෝගතා හා ත්‍රස්තවිරෝධය ඇතුළු ‍ වැදගත් ත්‍රෛයිපාර්ශ්වික සහයෝගතා ක්ෂේත්‍රවලට ඔවුහූ අනුබල දෙති.

4වැනි චීන-ඇෆ්ගනිස්ථාන-පාකිස්ථාන විදේශ ඇමති සංවාදය 2020 වසරේ බෙයිජිංහි පැවැත්වීමට ද එහිදී තීරණය කෙරිණ.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති