චීනයේ මුල්‍ය හැසිරීම් පිළිබඳව ‍ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් තක්සේරුවක්

2019-08-10 15:45:30
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

2018 වසරේ චීනයේ මුර්ථ සඑල විනිමය අනුපාතය මුලික සහ අභිමත ප්‍රතිපත්ති අනුව ඇස්තමේන්තු කර ඇතැයි ‍ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යළිත් අවධාරණය කරයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඊයේ (09) මේ බව ප්‍රකාශ කළේ චීන ආර්ථිකය පිළිබඳ වාර්ෂික විමර්ශන අවසානයේ නිකුත් කළ අලුත් ම වාර්තාවක් මගිනි.2019 වසරට සාපේක්ෂව චීනයේ මුර්ථ සඑල විනිමය අනුපාතයේ සාමාන්‍ය අගය සියයට 1.4 කින් ඉහළ ගොස් ඇතැයි එහි සදහන් වේ.චීන වර්තන ගිණුමේ අතිරික්තය 2018 වසරේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට එකකින් අඩු වී ඇති අතර මේ වසරේදී එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.5 ක් වනු ඇතැයි පුරෝකථනය කර ඇත.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඊයේ නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ඨ උපදේශක සහ කොලොම්බියා විශ්ව විද්‍යාලයේ සම්මානිත මහාචාර්ය Jeffrey Sachs මහතා අදහස් දක්වා තිබේ.ඔහු පවසන්නේ සැබවින්ම මෙම වාර්තාවෙන් චීනය මුදල් ඒකකය හැසිරවීමක් කර නොමැති බව පැහැදිලිව දක්වා ඇති අතර චීනයේ විදේශ ශේෂය සුදුසු මට්ටමක පැවති බවයි.ඇමරිකාවේ ඒකපාර්ශ්වීය බදු ක්‍රියාමාර්ග මුර්ථ සඑල විනිමය අනුපාතයේ සාමානත්වය පහළයාමට හේතු වී ඇතැයි ඔහු පෙන්වා දී තිබේ. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව චීනය මුල්‍ය හසුරුවන්නෙකු ලෙස ප්‍රකාශයට පත් කිරීම නිහීන, අත්තනෝමතික, චපල සහ ‍දේශපාලන කරුණු පදනම් කරගෙන ඇති බවයි.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති