ඇමරිකාව මැදපෙරදිග ප්‍රදේශයට හමුදාව යැවීමේ සැලැස්මක් සම්පාදනය කිරීම පිළිබඳ මාධ්‍ය වාර්තාව එරට ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කරයි

2019-05-15 15:13:16
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ඇමරිකාව මැදපෙරදිග ප්‍රදේශයට හමුදාව යැවීමේ සැලැස්මක් සම්පාදනය කිරීම පිළිබඳ මාධ්‍ය වාර්තාව එරට ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කරයි.

මැදපෙරදිග ප්‍රදේශයට විශාල පරිමාණයේ හමුදාව යැවීමේ සැලැස්මක් නොමැති බවත් මාධ්‍ය මීට අදාළව සිදු කළ වාර්තාව ව්‍යාජ බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා 14 වැනිදා ප්‍රකාශ කළේය.

නියෝජ්‍ය ජාතිකාරක්ෂක ලේකම්වරයා ඉරානයට එරෙහි යුදමය මෙහෙයුම පිළිබඳ සැලැස්මක් ධවල මන්දිරයට ඉදිරිපත් කළ බව ඇමරිකානු මාධ්‍ය වාර්තාවක් පවසයි. එම සැලැස්මට අනුව ඉරානය ඇමරිකානු හමුදාවට ප්‍රහාර එල්ල කළහොත් හෝ සිය න්‍යෂ්ටික අවි සංවර්ධනය කඩිනම් කළහොත්, ඇමරිකාව මැදපෙරදිග ප්‍රදේශයට ලක්ෂ 1.2කට අඩු ප්‍රමාණයක හමුදා භටයන් යැවීමට සූදානම් බව ද වාර්තා වේ. මෙම වාර්තාව පිළිබඳව ඇමරිකානු ජනාධිපතිවරයා පැවසුවේ දැනට තම රටට එවැනි සැලැස්මක් නොමැති අතර එය සම්පාදනය කිරීමට සිදු වෙතැයි ද බලාපොරොත්තු නොවන බවයි. එහෙත් එසේ තීරණය කිරීමට සිදු වුවහොත් මීට වඩා වැඩි හමුදා බලයක් භාවිත කරනු ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.


ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති