අප්‍රිකා සංගමයේ 32 වන නායක සමුළුවට චීන ජනාධිපතිවරයා සුභපැතුම් පිරිනමයි

2019-02-10 18:39:39
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

පසුගිය සැප්තැම්බර් මාසයේ චීන අප්‍රිකා සහයෝගිතා සාකච්ඡා සභාවේ බෙයිජිං සමුළුවේදී විශාල ජයග්‍රහණ ලබා ගැනීමට හැකිවූ බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සිය සුභ පැතුම් පණිවුඩයේ සඳහන් කළේය. අප්‍රිකා සංගමයේ නායකයන් සමග ෂී ජින් පිං මහතා චීන අප්‍රිකා සබඳතා සංවර්ධනයට සැලසුම් කරයි. චීන අප්‍රිකා සහයෝගිතා සාකච්ඡා සභාවේ බෙයිජිං සමුළුවේදී ලබාගත් ප්‍රතිඵල ක්‍රියාවට නැංවීම මගින් එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ පොදු සංවර්ධනය ඉදිරියට ගෙන යාම, අප්‍රිකා සංගමයේ 2063 වසරේ වැඩසටහන හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 2030 වසරේ අඛණ්ඩ සංවර්ධන න්‍යාය පත්‍රය ක්‍රියාවට නැංවීමට අප්‍රිකා සංගමය සමග අත්වැල් බැඳ ගෙන උත්සාහ දැරීමට චීනය අපේක්ෂා පළ කරයි. ඉන් වඩා සමීප පොදු ඉරණමක් සහිත චීන අප්‍රිකා ඒකකය ස්ථාපිත කළ හැකි බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති