ඇමරිකාව ගෝලීය අවි ආයුධ අධික්ෂණ පද්ධතිය විනාශ කිරීමෙන් ලෝක ආරක්ෂාවට තර්ජන

2019-02-10 14:22:36
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn


ඇමරිකාව ගෝලීය අවි ආයුධ අධික්ෂණ පද්ධතිය විනාශ කිරීමෙන් අනපේක්ෂිත ප්‍රතිඵල සිදු වනු ඇතැයි රුසියාව පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රුසියා ස්ථාවර නියෝජිත Vasily Nebenzya මහතා සම්මුඛ සාකච්ඡාවකදී මේ බව පැවසීය.

ඇමරිකාව අවි ආයුධ ශක්තිමත් කරනු ඇත. එය ලෝක ආරක්ෂාවට තර්ජන එල්ල කරන අතර අනපේක්ෂිත ගැටුම් සිදුවීමේ අවදානම වැඩි කරන බව හෙතෙම කියා සිටියේය.

රුසියාව ස්වාධීන රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්තිය අනුගමනය කිරීම හේතුවෙන් බටහිර රටවලට පසුගිය සියවසේ 90 වන දශකයේ තරම් රුසියාවට බලපෑම් සිදු කළ‍ නොහැකි ය. බටහිර රටවල් ඊට අමනාප පළ කරමින් සිටී. එය මේ වන විට සීත යුධ සමයේ ගැටුම් තවදුරටත් පැවතීමේ ප්‍රධාන හේතුවක් බව vasily Nebenzya මහතා පැවසීය.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති