චීනය හා පෘතුගාලය රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 40 වැනි සංවත්සරය වෙනුවෙන් දෙරටේ නායකයන්‍ ගෙන් සුබ පැතුම්

2019-02-09 15:48:54
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීනය හා පෘතුගාලය රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 40 වැනි සංවත්සරය වෙනුවෙන් දෙරටේ නායකයන්‍ ගෙන් සුබ පැතුම්

චීනය හා පෘතුගාලය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 40 වැනි සංවත්සරය වෙනුවෙන් දෙරටේ නායකයෝ සුබ පැතුම් හුවමාරු කර ගනිති. චීනය හා පෘතුගාලය දිගු කාලීන ඓතිහාසික මිත්‍රත්වයක් භුක්ති විඳිමින් සිටින බව චීන ජනාධිපතිවරයා සිය සුබ පැතුම් පණිවුඩයේ සඳහන් කරයි. ගෙවුණු දශක 4 තුළ ‍දෙරට අන්‍යෝන්‍ය ගෞරවය, සමාන්ත්වය, පොදු ප්‍රතිලාභී ජයග්‍රහණ මෙන්ම ද්විපාර්ශවික සබඳතාවන්‍හී ශක්තිමත් සංවර්ධනයක් අත්කර ගෙන ඇතැයිද හෙතෙම කියා සිටී. මැකෞ විශේෂ පරිපාලන කලාපය පිළිබඳ ප්‍රශ්ණය 1999දී චිනය හා පෘතුගාලය මනා ලෙස විසඳා ගත් බවද චීන ජනාධිපතිවරයා කියා සිටී. 2005 වසරේදී දෙරට අතර පූර්ණ උපායමාර්ගික හවුල්කාරී සබඳතාව පිහිටුවීමේ සිට දෙරට ඉහළ පෙලේ හුවමාරු, අන්‍යෝන්‍ය දේශපාලන ‍විශ්වාසය පුළුල් කිරීම, මෙන්ම විවිධ ක්ෂේත්‍රවල ප්‍රතිලාභී සහයෝගතා ජයග්‍රහණ ලබා ගැනීමට සමත්වී ඇත. පෘතුගාල ජනාධිපතිවරයා සමඟ එක්ව දෙරට අතර උපායමාර්ගික හවුල්කාරීත්වය ඉහළ මට්ටමකට ගෙන ඒමට තමන් අපේක්ෂා කරන බවද චීන ජනාධිපතිවරයා කියා සිටී. චීනය සමග දිගු කාලීන හා සාමකාමී සබඳතාවක් පවත්වා ගැනීම පිළිබඳව පෘතුගාලය ආඩම්බර වන බව පෘතුගාල ජනාධිපතිවරයා කියා සිටී. දිගු කාලීන මිත්‍රත්වය අඛණ්ඩව වර්ධනයට දෙරට තුළ දැඩි අධිෂ්ඨානයක් ඇතැයි තමන් විශ්වාස කරන බවද හෙතෙම සඳහන් කරයි. දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 40 වැනි සංවත්සරය වෙනුවෙන් චීන හා පෘතුගාල අග්‍රාමාත්‍යවරු ද සුබ පැතුම් හුවමාරු කර ගත්හ. පෘතුගාලය යුරෝපා සංගමයේ වැදගත් හවුල් කරුවෙකු යැයි චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යං මහතා සිය සුබ පැතුම් පණිවුඩයේ සඳහන් කරයි. පෘතුගාලය සමග එක්ව ද්විපාර්ශවික හා සියළු ක්ෂේත්‍රවල ප්‍රායෝගික සබඳතා ඉදිරියට ගෙන යාමට කටයුතු කිරීමට අපේක්ෂා කරන බවද හෙතෙම කියා සිටී. පෘතුගාල අග්‍රමාත්‍යවරයා සිය සුබ පැතුම් පණිවුඩයේ සඳහන් කළේ දෙරට අතර උපායමාර්ගික හවුල්කාරී සබඳතා වර්ධනය කිරීමට අපේක්ෂා කරන බවයි.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති