ඇමරිකා උතුරු කොරියා දෙ‍වැනි නායක හමුව වියට්නාමයේ හැනොයි නුවරදී

2019-02-09 14:29:26
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

මෙම මස 27 -28 දෙදින තුළ තමන් උතුරු කොරියා නායක කිම් ජොන්ග් උන් මහතා වියට්නාමයේ හැනොයි නුවරදී හමුවන බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි.‍ කිම් ජොන් උන් මහතාගේ නායකත්වය යටතේ උතුරු කොරියාව කැපී පෙනෙන ආර්ථික සංවර්ධනයක් ලබා ගනු ඇතැයිද හෙතෙම කියා සිටී. උතුරු කොරියාව බලා ගිය තම විශේෂ නියෝජිතයා ඉතා ඵලදායී රැස්වීමකින් පසු පියොංයැන්ග් නුවරින් පිටත් වූ බවද ඇමරිකා ජනාධිපතිවරයා සඳහන් කළේය. එම හමුවේදී තමා හා උතුරු කොරියා නායකයා අතර දෙවනි හමුව පැවැත්වෙන ස්ථානය සනාථ කෙරුණු බවද හෙතෙම කියා සිටී. උතුරු කොරියා නායකයා කෙතරම් හැකියාවෙන් යුක්තද යන්න පිළිබඳ තමාට පූර්ණ අවබෝධයක් ඇතැයිද ට්‍රම්ප් මහතා පැවසීය. උතුරු කොරියාව වෙනස් ආකාරයේ රොකට්ටුවක් එනම් ආර්ථික රොකට්ටුවක් බවට පත්වනු ඇතැයි හෙතෙම කියා සිටී.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති