චීන වසන්ත උත්සවයට දසතින් උණුසුම් සුබ පැතුම්

2019-02-06 15:34:04
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ජාත්‍යන්තර සංවිධාන ප්‍රධානීහූ හා විදෙස් රටවල නායකයෝ චීන වසන්ත උත්සවයට සුබ පැතුම් පිරිනමති.

චීන වසන්ත උත්සවය නිමිත්තෙන්, ජාත්‍යන්තර සංවිධාන ප්‍රධානීහූ මෙන්ම විවිධ රටවල නායකයෝ චීන රජයට, චීන ජනතාවට සහ ලෝකයේ ඒ ඒ රටවල සිටින චීන ජාතිකයන්ට නව වසරේ සුබ පැතුම් පළ කළහ. ඒ ඒ රටවල සිටින චීන ජාතිකයන් එම රටවල් වෙනුවෙන් දැක්වූ දායකත්වය ඉහළින් අගය කරන අතර චීනය සමඟ යහපත් අනාගතයක් එක්ව නිර්මාණය කිරීමට කැමැත්තින් සිටින බව ඔවුහූ ප්‍රකාශ කළහ.

එක්සත් ජාතින්ගේ මහලේකම් António Guterres මහතා පසුගිය 4වැනි දින වීඩියෝ පණිවුඩයක් ඔස්සේ චීන නව වසරට සුබ පැතුම් පිරිනමා තිබේ. මෙම නව වසරේදී සියල්ලන්ටම සාමය හා සෞභාග්‍යය උදාවන ලෝකයක් ගොඩනැංවීමට එක්වන ලෙසට හෙතෙම සිය පණිවුඩයෙන් ඇරයුම් කළේය. චීනය හා චීන ජනතාව එක්සත් ජාතීන් වෙනුවෙන් ලබා දෙන දායකත්වය කෙරෙහි සිය ප්‍රණාමය පුද කළේය.

73වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති María Fernanda Espinosa මහතා, ඇමරිකානු ජනාධිපති Donald Trump, ප්‍රංශයේ ජනාධිපති Emmanuel Macron සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Theresa May මහත්මිය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන ප්‍රධානීහූ සහ විදෙස් රටවල නායකයෝ ද චීන වසන්ත උත්සවයට සුබ පැතුම් පිරිනැමුහ.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති