චීන - පෘතුගාල සහයෝගීතාවට වසර 40 ක් - දැන් ආරම්භ වන්නේ එහි නව පර්ච්ඡේදයයි

2018-12-05 15:16:24
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn


චීන - පෘතුගාල සහයෝගීතාවට වසර 40 ක් - දැන් ආරම්භ වන්නේ එහි නව පර්ච්ඡේදයයි

චීන - පෘතුගාල සහයෝගීතාවට වසර 40 ක් - දැන් ආරම්භ වන්නේ එහි නව පර්ච්ඡේදයයි


චීන - පෘතුගාල මිත්‍ර සහයෝගීතාව අඛණ්ඩව නව ප්‍රතිඵල ලබා ගනිමින් සංවර්ධනයේ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට දෙරටේ නායකයෝ එකමතිකව එකඟ වෙති.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ පෘතුගාල ජනාධිපති මාර්සෙලෝ රෙබෙලෝ ඩි සොව්සා මහතා 4 වැනි දින ලිස්බන් නගරයේ පැවති සාකච්ඡාවේදී මෙම එකඟතාවට එළඹ ඇත. “එකම චීනය”යන ප්‍රතිපත්තිය පෘතුගාලය අනුගමනය කිරීම වෙනුවෙන් චීනයේ ප්‍රශංසාව හිමි වන බව, චීන ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය. දෙරට අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් අයිතිවාසිකම් හා කාර්යයන් සම්බන්ධයෙන් අවබෝධ කරගනිමින් අනුබලදීමට චීනය කැමැත්තෙන් පසුවන බව ද ෂී ජින් පිං මහතා එම සාකච්ඡාවේදී පෙන්වා දුන්නේය. චීන - පෘතුගාල රජයන් අතර “එක් තීරයක් - එක් මාවතක්”අවබෝධාත්මක සහයෝගීතා ගිවිසුමට අත්සන් කිරීම ප්‍රයෝජනයට ගනිමින් ප්‍රායෝගික සහයෝගිතා, වෙළඳාම හා මානව හුවමාරුව සම්පූර්ණයෙන් පුළුල් කළ යුතු බව ද චීන ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබේ.

2019 වසරේ පෘතුගාලය හා චීනය රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීමේ 40 වැනි සංවත්සරය සමරයි. චීනය සමඟ ආර්ථික හා වෙළඳ, මූල්‍ය හා මානව කේෂ්ත්‍ර තුළ හුවමාරු හා සහයෝගීතා පුළුල් කිරීම පෘතුගාලයේ අපේක්ෂාවක් වන බව පෘතුගාල ජනාධිපති මාර්සෙලෝ රෙබෙලෝ ඩි සොව්සා මහතා එහිදී පැවසීය. “එක් තීරයක් - එක් මාවතක්” වැඩපිළිවෙළට අනුබල දෙමින් පෘතුගාලය මහගොඩබිම හරහා වැටී ඇති සේද මාවතේ හා මුහුදු ‍සේද මාවතේ යුරෝපීය ප්‍රවාහන මධ්‍යස්ථානය බවට පත්වීමට කැමැත්තෙන් පසුවන බව හෙතෙම පෙන්වා දුන්නේය. යුරෝපා - චීන සබඳතාව ශක්තිමත් කිරීමට පෘතුගාලය අනුබල දෙමින් පෘතුගීසි භාෂාව කතා කරන රටවල් හා චීනය අතර සහයෝගීතා ගැඹුරු ලෙස සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව ද හෙතෙම වැඩිදුරටත් පවසා ඇත.


ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති