අන්තර් - මධ්‍යම බැලැස්ටික මිසයිල ගිවිසුම දින 60 කට පසු තාවකාලිකව අත්හිටුවේ

2018-12-05 14:16:59
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

අන්තර් - මධ්‍යම බැලැස්ටික මිසයිල ගිවිසුම තාවකාලිකව දින 60 කට පසුව අත්හිටුවන බව ඇමරිකාව පවසයි.

බ්‍රසල්ස් හී පැවති නේටෝ සංවිධානයේ විදේශ අමාත්‍ය රැස්වීමේදී ඇමරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා මේ බව ප්‍රකාශ කළේය. රුසියාව අන්තර් - මධ්‍යම බැලැස්ටික මිසයිල ගිවිසුම උල්ලංඝනය කර ඇති බවට ඇමරිකාව චෝදනා කර සිටී. රුසියාව නැවතත් එම ගිවිසුම සම්පූර්ණ වශයෙන් ක්‍රියාත්මක නොකරන්නේ නම් ඇමරිකාව දින 60කින් පසු එය අනුගමනය නොකරනු ඇතැයි මයික් පොම්පියෝ මහතා පවසයි.


රුසියාව අංක SSC-8 කෲස් මිසයිල පර්යේෂණ කටයුතු ක්‍රියාත්මක කිරීම හේතුවෙන් එම ගිවිසුම උල්ලංඝනය වී ඇතැයි සිය සංවිධානයේ සාමාජික රටවල් ද පිළිගෙන ඇති බව‍ නේටෝ සංවිධානයේ මහ ලේකම් ජීන්ස් ස්ටොලන්බර්ග් මහතා ප්‍රකාශ කළේය. එමෙන්ම, 2013 වසරේ සිට අදාළ මිසයිල පර්යේෂණ කටයුතු ක්‍රියාත්මක කිරීම පිළිබඳව අවස්ථා කිහිපයකදී ඇමරිකාව සිය විරෝධය රුසියාවට පළ කර තිබේ. එහෙත් රුසියාව ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.


මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රුසියානු විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාරියා ෂරපෝවා මහත්මිය කියා සිටියේ මෙම ගිවිසුමේ කොන්දේසි රුසියාව සෑමවිටම ස්ථීර වශයෙන් අනුගමනය කරන බවයි. ඇමරිකාව එය පැහැදිලිව අවබෝධ කරගෙන සිටින බව ද ඇය ප්‍රකාශ කළාය.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති