ට්‍රම්ප් - පුටින් අතර හමුවක් නොමැති අතර ට්‍රම්ප් - කිම් අතර හමුවක් තිබේ

2018-11-08 17:01:25
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ට්‍රම්ප්  - පුටින් අතර හමුවක් නොමැති අතර ට්‍රම්ප් -  කිම් අතර හමුවක් තිබේ

ට්‍රම්ප්  - පුටින් අතර හමුවක් නොමැති අතර ට්‍රම්ප් -  කිම් අතර හමුවක් තිබේ

වැද්මීර් පූටින් හා පැරීසියේදී ද්වීපාර්ශවික සාකච්ඡා නොපැවැත්වෙන අතර, ලබන වසරට පෙර උතුරු කොරියානු නායකයා සමඟ සාකච්ඡා කිරීමට අපේක්ෂාවෙන් සිටින බව ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි.

රුසියානු ජනාධිපතිවරයා හා තවත් නායකයින් කිහිපදෙනෙක් සමඟ ඉදිරියේදී දිවා හෝජන සංග්‍රහයකට පැරීසියේදී සහභාගී වීමට තමන් බලාපොරොත්තු වන අතර, එය ද්වීපාර්ශවික සාකච්ඡා වට මේසයක් නොව බව, ට්‍රම්ප් අවධාරණය කර ඇත. පළමු ලෝක යුද්ධය අවසන් වී වසර 100 යේ සැමරුම් උත්සවයට නායකයින් 60 දෙනෙක් පමණ සහභාගීවීමට බලාපොරොත්තුවෙන් සිටී.  ට්‍රම්ප් මේ අදහස් ප්‍රකාශ කර සිටියේ ධවල මන්දිරයේ දී මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. ඉදිරියේදී පැවැත්වෙන  G – 20 රාජ්‍ය නායක සමුළුවේදී පුටින් හමුවීමට බලාපොරොත්තුවෙන් සිටින බව ඔහු එහිදී පැවසීය. කෙසේ වුවත් තමන් ලබන වසර උදාවීමට පෙර උතුරු කොරියානු නායකයා සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව පවසා තිබේ.

නමුත් ක්‍රෙමිලීනය පසුගියදා ප්‍රකාශ කර සිටියේ ට්‍රම්ප් හා පුටීන් හමුව ප්‍රංශයේ Elysee මාළිගයේදී පැවැත්වෙන බවයි. දීර්ඝ හා වඩාත් පුළුල් සාකච්ඡාවක් එහිදී සිදු කිරීමට බලාපොරොත්තු වූ බව ද රුසියාව සඳහන් කර තිබිණ.

මේ අතර, ඇමරිකානු රාජ්‍ය ලේකම් මියික් පොම්පියෝ හා උතුරු කොරියාවේ පාලක පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ උප සභාපති Kim Yong Chol අතර පැවැත්වීමට තිබූ සාකච්ඡාව ඉදිරි දිනකදි පැවැත්වන බව ද එහදී තහවුරු විය.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති