ඇමෙරිකානු ෆෙඩරල් සංචිත මණ්ඩලයේ පොලි අනුපාත වැඩි කිරීමේ ප්‍රතිපත්තිය ජනපති ට්‍රම්ප්ගේ දැඩි විවේචනයට

2018-10-11 16:58:40
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ඇමෙරිකානු ෆෙඩරල් සංචිත මණ්ඩලයේ පොලි අනුපාත වැඩි කිරීමේ ප්‍රතිපත්තිය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ දැඩි විවේචනයට ලක් වේ.

ඊයේ(10) එරට Pennsylvania ප්‍රාන්තයේ ජන රැලියකට එක් වීමට පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ෆෙඩරල් සංචිත මණ්ඩලයේ මුදල් ප්‍රතිපත්ති පිළිබඳ අදහස් දැක්විය. එම ප්‍රතිපත්ති ඕනෑවට වඩා දැඩි කර ඇති බවත් ෆෙඩරල් සංචිත මණ්ඩලය වරදක් සිදු කරමින් සිටින බවත් ඔහු කියා සිටියේ ය. ජනාධිපතිවරයා එම අදහස් දැක්වීමෙන් පසු ඇමෙරිකානු කොටස් වෙළෙඳ පොලේ විශාල පහත වැටීමක් වාර්තා විය.

මෑතදී ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා බොහෝ අවස්ථාවල ප්‍රසිද්ධියේ ෆෙඩරල් සංචිත මණ්ඩලය පොලි අනුපාත වැඩි කිරීමේ ප්‍රතිපත්තිය විවේචනය කර තිබේ. ජනාධිපතිවරයාගේ එවැනි ක්‍රියාකලාපයෙන් ෆෙඩරල් සංචිත මණ්ඩලය ස්වාධීන ව මුදල් ප්‍රතිපත්ති අනුගමනය කිරීමට බාධාවක් වෙතැයි ජනමත පළ වී ඇත.

මේ වසරේ ඇමෙරිකානු ෆෙඩරල් සංචිත මණ්ඩලය තුන්වරක් පොලි අනුපාත වැඩි කර තිබේ.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති