චීනයේ සෑම සහයෝගිතා ව්‍යාපෘතියක් ම අවදානම් ණය උගුලක් නොව රසබර සංවර්ධන රොටියකි - ඇමෙරිකානු උප ජනපතිට චීනයෙන් පිළිතුරු

2018-10-11 16:57:20
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීනයේ සෑම සහයෝගිතා ව්‍යාපෘතියක් ම අවදානම් ණය උගුලක් නොව රසබර සංවර්ධන රොටියකි -  ඇමෙරිකානු උප ජනපතිට චීනයෙන් පිළිතුරු

චීනයේ සෑම සහයෝගිතා ව්‍යාපෘතියක් ම අවදානම් ණය උගුලක් නොව රසබර සංවර්ධන රොටියකි -  ඇමෙරිකානු උප ජනපතිට චීනයෙන් පිළිතුරු

ඇමෙරිකානු උප ජනාධිපති Mike Pence මහතා චීනය විවේචනය කරමින් පසුගිය දා දේශනයක් සිදු කළේ ය. ආසියා, අප්‍රිකා, යුරෝපා හා ලතින් ඇමෙරිකා කලාපවල සංවර්ධනය වෙමින් පවතින රටවල යටිතල පහසුකම් සඳහා චීනය ඇමෙරිකානු ඩොලර් බිලියන 100කට වැඩි ණය මුදලක් ලබා දී ඇති බවත් එමගින් එම රටවල් චීනයේ ණය උගුලට හසු වී ඇති බවත් Mike Pence මහතා සිය දේශනයෙන් කියා සිටියේ ය. ඇමෙරිකානු උප ජනාධිපතිවරයා සඳහන් කළ ශ්‍රී ලංකාව හා පකිස්ථානය ඇතුළු එම රටවල පොදු ලක්ෂණයක් තිබේ. ඒ, එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළට අදාළ ව චීනය සමග සහයෝගිතා පැවැත්වීමට අදාල රටවල් දැක්වූ කැමැත්ත ය.

එම රටවල් චීනයේ ණය උගුලට හසු වී ඇතැයි Mike Pence මහතා විවේචනය කළ ද, මෙතෙක් චීනය සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග පවත්වා තිබෙන සෑම සහයෝගිතා ව්‍යාපෘතියක් ම අවදානම් ණය උගුලක් නොව රසබර සංවර්ධන රොටියක් බව සත්‍යයකි. 2013 වසරේ සිට 2017 වසර දක්වා කාලය තුළ චීනය සහ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළට එක් වූ සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර සිදු කළ ආනයන හා අපනයන වෙළෙඳාමෙන් චීන යුවන් ට්‍රිලියන 33.2ක වටිනාකමක් නිර්මාණය වී තිබේ. එය වාර්ෂික ව 4%කින් වර්ධනය වී තිබීම කැපී පෙනේ.

  මෙවන් පසුබිමක් සලකා බලන විට ඇමෙරිකානු උප ජනාධිපතිවරයා විසින් නම් කළ එම රටවල් ඔහුගේ ප්‍රකාශවලට විරෝධය පළ කර තිබීම පුදුමයක් නොවේ. චීනය ලබා දුන් ණය මුදලින් තම රට විනාශයට නොව සංවර්ධනයට පා තබා ඇතැයි පිලිපීන විදේශ ඇමතිවරයා ඇතුළු එම රටවල නායකයන් තරයේ ප්‍රකාශ කර තිබේ.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති