චීන රුසියා මිත්‍රත්වය නැවතත් අලුත්වේ

2018-09-13 15:56:56
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන රුසියා මිත්‍රත්වය නැවතත් අලුත්වේ

චීන - රුසියා මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා චීන ජනාධිපතිවරයාට රුසියානු ජනාධිපතිවරයාගෙන් ආරාධනයක්.

චීන ජනාධිපති ෂී ජින් පිං සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යන මහත්වරුන් රුසියාවේ පිහිටි "Ocean" නම් ළමා මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී විය. 2008 වසරේ චීනය මුහුණ දුන් දරුණු භූමිකම්පාවෙන් පසු රුසියාවේ පුනරුත්ථාපනය ලබන මෙම දරුවන් සිටින මධ්‍යස්ථානයේ 10 වැනි සංවත්සරය 12 වැනි දින සැමරිණ. දෙරට ජනාධිපතිවරුන් එහිදී දරුවන්ගේ අත්දැකීම් ද හුවමාරු කර ගත්හ.

චීනයත් - රුසියාවත් සමීප අසල්වැසීන්ය. එමෙන්ම එම සබඳතාව කඳු, ගංඟා හා ඇළ දොළ මඟින් වඩාත් ශක්තිමත් කෙරේ. චීනයත් රුසියාවත් මහජනතාවට මුහුණදීමට සිදුවන ඉතා සංවේදී අවස්ථාවලදී සමීපව කටයුතු කරන බව චීන ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය. 2008 වසරේ නිරිත දිග චීනයේ වෙන්චූආන් (Wenchuan) ප්‍රදේශයේ සිදුවූ ඒ දැවැන්ත භූමි කම්පාවෙන් 70,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. 18,000 ක් දෙනා අතුරුදන් වූහ. එම අවස්ථාවේදී රුසියානු රජය හදිසි ගලවා ගැනීමේ කණ්ඩායම් ඒ ප්‍රදේශයට කඩිනමින් එවමින් ලබාදුන් සහය චීන ජනාධිපතිවරයා සිහිපත් කළේය. එහිදී රුසියාව මැදිහත්වී විපතින් ජීවිත ගලවාගත් දරුවන් 996 දෙනෙකු මෙම පුනරුත්ථාපන ළමා මධ්‍යස්ථානයට රැගෙන ආවේය.

රටක අනාගතය දරුවන්ය. ලෝකයේ අනාගතය චීනයත් - රුසියාවත් අතර පවතින මිත්‍රත්වය බව ද ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. තරුණයින්ගේ සන්නිවේදන හැකියාවත් අන්‍යෝන්‍ය ඉගැනීමත් වර්ධනයට දෙරට මිත්‍රත්වය ශක්තිමත් පසුබිමක් නිර්මාණය කර දෙන බවද ඔහු සඳහන් කළේය. රුසියානු ජනාධිපතිවරයා අදහස් දක්වමින් කියා සිටියේ දෙරටේ පවතින අන්‍යෝන්‍ය විශ්වාසයත් සහයෝගයත් මිත්‍රශීලි සබඳතාවක් ගොඩනගා ඇති බවයි. එමෙන්ම චීන - රුසියා තරුණ ප්‍රජාව අතර සුහදශීලිත්වය වර්ධනය කිරීම මෙම ද්වීපාර්ෂවීය සබඳතාව තවදුරටත් ශක්තිමත් කරන බව ද ඔහු සඳහන් කර සිටියේය.

රුසියානු ජනාධිපතිවරයාගේ ආරාධනයක් අනුව සිව්වැනි පෙරදිග ආර්ථික සංසදයට සහභාගිවීම සඳහා රුසියාව බලා ගිය චීන ජනාධිපතිවරයා වැලැඩිවොස්ටොක් හී පිහිටි නැගෙනහිර වරායේ නිරීක්ෂණ සංචාරයකට ද එක්විය. රුසියානු සංචාරය සාර්ථකව නිමා කළ චීන ජනාධිපතිවරයා හා දූත පිරිස දිවයින බලා නැවතත් පිටත්වූයේ ඉන් අනතුරුවයි.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති