ඩොලරය වෙනුවට යුරෝ මුදල් ඒකකය ශක්තිමත් කළ යුතු බව යුරෝපා කොමිසම පවසයි

2018-09-13 15:13:55
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ගෝලීය මූල්‍ය පද්ධතියේ යුරෝ මුදල් ඒකකයට හිමි ස්ථානය වඩාත් ඉහළ නංවාගත යුතු බව යුරෝපා කොමිසමේ සභාපති Jean - Claude Juncker මහතා පෙන්වා දේ. 

12 වැනි දින ප්‍රංශයේ ස්ටාර්ස්බර්ග් (Strasbourg) හී පැවති යුරෝපා පාර්ලිමේන්තුවේ වාර්ෂික සමුළුව අමතමින් ඔහු කියා සිටියේ යුරෝපා සංගමයේ ගෝලීය බලපෑම තවදුරටත් ශක්තිමත් කරමින් ගෝලීය මූල්‍ය පද්ධතියේ යුරෝ මුදල් ඒකකයට හිමි ස්ථානය වඩාත් ඉහළ නංවාගත යුතු බවයි. ඇමරිකානු ඩොලරය මත යැපීමේ තත්වය වෙනස් කර ජාත්‍යන්තර වෙළෙඳ පළේ යුරෝ මුදල් ඒකකයේ බලපෑම වඩාත් ව්‍යාප්ත කළ යුතු බව ඔහු අවධාරණය කළේ ය.

ලබන මාර්තු මාසයේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් නිල වශයෙන් ඉවත්වේ. එසේ වුවද බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයේ සමීප හවුල්කරුවෙකු වනු ඇතැයි ඔහු පෙන්වා දේ. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම පිළිබඳව සක්‍රීයවම සාකච්ඡා පවත්වා බ්‍රිතාන්‍යය සමඟ එකඟතාවට පැමිණීමට ඉදිරියේදී කටයුතු කරන බව  ද යුරෝපා කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති