චීන ජනපති සිව්වැනි පෙරදිග ආර්ථික සාකච්ඡා සභාවේ පූර්ණ සැසිය අමතයි

2018-09-12 19:07:21
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

කලාපීය රටවල් සමඟ අත්වැල් බැඳ ගනිමින් ඈත පෙරදිග හා ඊසානදිග ආසියාව සමඟ වඩාත් සුන්දර අනාගතයක් නිර්මාණය කිරීමට චීනය බලාපොරොත්තු වන බව, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කරයි.

හෙතෙම මේ බව සඳහන් කළේ 12 වැනි දින රුසියාවේ ව්ලැඩිවොස්ටොක් (Vladivostok) නගරයේ පැවති සිව්වැනි පෙරදිග ආර්ථික සාකච්ඡා සභාවේ පූර්ණ සැසියට එක්වෙමිනි. කලාපීය සාමය හා ආරක්ෂාව සහතික කර අන්‍යෝන්‍ය යහපත හා පොදු ජයග්‍රහණය ඉටු කරමින් ජනතාව අතර සාම්ප්‍රදායික මිතුදම තහවුරු ‍කර සංයුක්ත හා සම්බන්ධීකරණ සංවර්ධනය සැබෑ කිරීම සඳහා අදාළ කලාපීය රටවල් සමඟ උත්සාහ දැරීමට චීනය කැමති බව ද ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. චීන ජනාධිපති ෂී ජින් පිං, රුසියානු ජනාධිපති Vladimir Putin, මොංගෝලියානු ජනාධිපති Khaltmaa Battulga, ජපාන අග්‍රාමාත්‍ය Shinzo Abe සහ දකුණු කොරියානු අග්‍රාමාත්‍ය Lee Nak - yon යන මහත්වරු එම පූර්ණ සැසියට එක්වූහ. ලොව විවිධ රටවල ජනතාවගේ සුභසෙත සැලසීම සඳහා ඈත පෙරදිග විවෘතභාවයට සක්‍රීය ලෙස එක්වෙමින් ඊසානදිග ප්‍රදේශයේ සහ‍යෝගීතාව පොදුවේ ඉදිරියට ගෙන යාමට විවිධ පාර්ශ්වයන් කැමති බව සැසියට එක් වූ ඒ ඒ රටවල නායකයින් පවසා ඇත.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති