චීන මාධ්‍ය සමූහය සහ Rossiya Segodnya ජාත්‍යන්තර ප්‍රවෘත්ති සේවය අතර ගිවිසුමක්

2018-09-12 09:24:17
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන මාධ්‍ය සමූහය සහ රුසියාවේ Rossiya Segodnya ජාත්‍යන්තර ප්‍රවෘත්ති සේවය සහයෝගිතා ගිවිසුමකට එළඹේ.

චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ෂෙන් හයි සියුං මහතා සහ Rossiya Segodnya ජාත්‍යන්තර ප්‍රවෘත්ති සේවයේ අධ්‍යක්ෂ Dmitry Kiselyov මහතා ඊයේ (11) රුසියාවේ Vladivostok නගරයේදී ජාත්‍යන්තර ක්‍රමෝපායීය සහයෝගිතා ගිවිසුමකට අත්සන් තැබූහ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හා රුසියානු ජානධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා එම අත්සන් තැබීමේ උත්සවයට එක්වූහ.

චීන මාධ්‍ය සමූහය සහ Rossiya Segodnya ජාත්‍යන්තර ප්‍රවෘත්ති සේවය අතර ජාත්‍යන්තර ක්‍රමෝපායීය සහයෝගිතා ගිවිසුමට අනුව, ප්‍රවෘත්ති හුවාමරු, ඒකාබද්ධ විකාශන සහ සහයෝගිතා සංනිවේදන ඇතුළු අංශ වල ප්‍රා‍යෝගික සහයෝගතාවන් පවත්වා ගැනීමට දෙපාර්ශවය එකඟ වී තිබේ. මෙමගින් දෙරටේ මානව සංස්කෘතික, ආර්ථික, ක්‍රීඩා ඇතුළු ක්ෂේත්‍ර පිළිබඳ වාර්තාකරණය පුළුල් කරමින් ප්‍රවෘත්ති තොරතුරු ව්‍යාප්ත කරමින් දෙරටේ ජනතාව අතර මිතුදම ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති