චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හා රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතා අතර හමුවක්

2018-09-11 19:51:01
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හා රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතා අතර හමුවක්

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා රුසියාවේ ව්ලැඩිවොස්ටොක් (Vladivostok) නගරයේ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතා සමඟ සාකච්ඡාවක් පවත්වයි.

ජාත්‍යන්තර තත්වය වෙනස් වනනේ කුමන ආකාරයට වුවද චීනය හා රුසියාව දෙරට අතර සබඳතාව ස්ථීර ලෙස ඉදිරියට මෙහෙයවනු ඇති බව දෙරටේ නායකයෝ එකඟතාවට එළඹ තිබේ.

චීන-රුසියා දෙරට විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතා හා දෙරටේ උපාය මාර්ගික හවුල්කාරී සබඳතාව වැඩිදුරටත් තහවුරු කළ යුතු බව ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය.

චීනය හා රුසියාව “එක් තීරයක්-එක් මාවතක්”හා යුරෝපා-ආසියා ආර්ථික සන්ධානය තවදුරටත් සංවර්ධනය කළ යුතු බව ද හෙතෙම සඳහන් කළේය.

චීනය සමඟ එක්ව ඒකපාර්ශ්විකවාදයට හා වෙළඳ ආරක්ෂණවාදයට පොදුවේ විරුද්ධ වෙමින් චීනය සමඟ විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතා පුළුල් කිරීමට රුසියාව කැමති බව ව්ලැද්මීර් පුටින් මහතා එහිදී සඳහන් කර තිබේ.

සාකච්ඡාවට පසු දෙරටේ නායකයන් ඉදිරියේ ද්විපාර්ශ්වික සහයෝගීතා ගිවිසුම් රැසකටද අත්සන් තැබිණ.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති