දුෂණයට එරෙහි දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බව ජගත් මහලේකම් කියයි

2018-09-11 15:13:17
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

දුෂණයට එරෙහි දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බව ජගත් මහලේකම් කියයි

එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් දුෂණයට එරෙහි දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා පවසයි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අමතමින් ඔහු ප්‍රකාශ කළේ දුෂණයට එරෙහිව තම නායකයින්‍ කටයුතු කළ යුතු බව ලොව පුරා වැසියන්ගේ ඉල්ලීම වී ඇති බවයි.

දේශපාලන ආයතන විනිවිදභාවයකින් හා ගිණුම් කටයුතු වගකීමකින් සිදු කළ යුතු බවද හෙතෙම පැවසීය.

දුෂණය පිටුදැකීම සඳහා බිම් මට්ටමින් ජනතාව බලවන්ත කරන ලෙස ලෝක නායකයින්ගෙන් ඉල්ලා සිටි ජගත් මහලේකම්වරයා  දුෂණය පිටු දැකීම, පාලනය ශක්තිමත් කිරීම හා විශ්වාසදායි ආයතන ගොඩනැගීම සදහා බොහෝ දේ කළ යුතුව ඇතැයි ආරක්ෂක මණ්ඩලය අමතමින් සඳහන් කළේය.

ඔහු පැවසුවේ ඒ සදහා ජාතික මට්ට‍මේ කොමිසන් පත් කරමින් අධිකරණ ආයතන ද පිහිටුවිය යුතු බවයි.

දුෂණය ගැටුම්වලට හේතුවන බව පැවසු ඇන්තෝනියෝ ගුටරෙස් මහතා  දුෂණය දේශපාලන හා සමාජ ආයතන කඩා බිඳ දමන බවද පැවසීය.

ලෝක ආර්ථික සමුළුවේ දත්ත වලට අනුව දුෂණය හේතුවෙන් වසරකට අහිමි වන වත්කම අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 2.6 කි.

එය ලෝක දළ දේශීය නිෂ්පාදිතයේ අගයක් ලෙස ගත් කළ සියයට 5 කි.

ලෝක බැංකුව පෙන්වා දෙන්නේ සෑම වසරකම පුද්ගලයින් සහ ව්‍යාපාරික ආයතන අමෙරිකානු ඩොලර් ට්‍රිලියනයකට අධික අල්ලස් ගෙවන බවයි.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති