චීන ජනාධිපති ෂී ජින් පිං මහතා රුසියාවට ළඟා වෙයි

2018-09-11 14:42:10
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා රුසියාවට ළඟා වෙයි

“සිව්වැනි පෙරදිග ආර්ථික සාකච්ඡා සභාවට” එක්වීම සඳහා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා රුසියාවේ Vladivostok නගරයට ළඟා වේ.

ඒ රුසියානු ජනාධිපති Vladimir Putin මහතාගේ ආරාධනාවකට අනුවය.  මෙවර පෙරදිග සාකච්ඡා සභාව 11 වැනි දින සිට එළඹෙන 13 වැනි දින දක්වා රුසියාවේ Vladivostok නගරයේ දී පැවැත්වේ. එම කාලය තුළ දෙරට ජනාධිපතිවරුන් හමුවීමට ද නියමිතයි. එහිදී චීන - රුසියා ආර්ථික හා වෙළඳ, මානව හා ප්‍රාදේශීය හුවමාරු ක්‍රියාකාරකම් වලට චීන ජනාධිපතිවරයා එක්වන බව පැවසේ. එමෙන්ම ෂී ජින් පිං මහතා එම සාකච්ඡා සභාවට එක්වන ඊට අදාළ රටවල නායකයන් ද හමුවීමට නියමිතයි.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති