චීන අගමැති ජර්මන් චීන සහයෝගතා අගය කරයි

2018-07-11 15:23:05
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන අගමැති හා ජර්මන් චාන්සල්ර්වරිය දෙරටේ ස්වයංක්‍රීය ධාවන මෝටර් රථ ප්‍රදර්ශනයකට එක් වෙති.

ජර්මනියේ නිල සංචාරයක නිරත චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යාං මහතා ඊයේ (10) බර්ලිනයේදී එරට චාන්සල්ර් Angela Merkel මහත්මිය සමඟ එම ක්‍රියාකාරකමට එක්වූහ.

වසර 40කට පෙර, ජර්මන් සමාගම් ධෛරයයෙන් මෙන්ම බුද්ධියෙන් යුතුව චීනයේද ආයෝජනය කර මෝටර් රථ ඒකාබද්ධ සහ‍යෝගතාව සිදු කර ඇතැයි චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යාං මහතා එම අවස්ථාවේදී ප්‍රකාශ කළේය. එමඟින් ජර්මනිය චීන වෙළඳ පොළේ විශාල ප්‍රතිලාභ ලබා ගනිමින් සිටී. චීන ජර්මන් ස්වයංක්‍රීය ධාවන මෝටර් රථ පිළිබඳ ගිවිසුමකට 9වනිදා අත්සන් තැබිණ.

තාක්ෂණ පර්යේෂණ හා වෙළඳ භාවිතය එකට මුසුකර තම රටේ සුවිශේෂිත්වය බෙදා ගනිමින් අන්‍යෝන්‍ය යහපත හා පොදු ජයග්‍රහණය අත්කර ගත හැකි බව ලී ක ච්‍යාං මහතා සඳහන් කළේය. අදාළ තරඟකාරීත්වය හා සසඳමින පවත්වන සහයෝගතාව ඉමහත් වැදගත් බව හෙතෙම පෙන්වා දුන්නේය. ජර්මනියේ දියුණු ස්වයංක්‍රීය ධාවන තාක්ෂණය චීනයට ප්‍රවේශ කිරීම චීනය පිළි ගන්නා බව චීන අග්‍රාමාත්‍යවරයා පැවසීය. බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ආරක්ෂාව පුළුල් කිරීමට චීනය අඛණ්ඩව පියවර යොදා ගනී. ජර්මනියට චීනය‍ සමග විවෘත සංකල්පයෙන් ආර්ථික හා තාක්ෂණ සහයෝගතා පවත්වා ගත හැකි බව ද ලී ක ච්‍යාං මහතා අවධාරණය කළේය.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති