බ්‍රිතාන්‍යය කැබිනට් මණ්ඩලයේ වෙනසක්

2018-07-10 16:58:33
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

බ්‍රිතාන්‍ය අගමැති තෙරේසා මේ කැබිනට් මණ්ඩලය සංශෝධනය කරයි.

හිටපු විදේශ ලේකම් “බොරිස් ජොන්සන්ගේ” ඉල්ලා අස්වීමෙන් පසු ලේකම්වරු සිව් දෙනෙකු පත් කර තිබේ. සෞඛ්‍ය ලේකම් “ජෙරමි හන්ට්” බ්‍රිතාන්‍යයේ නව විදේශ ලේකම්වරයා ලෙස ඇය පත් කළාය. සංස්කෘතික ලේකම් “මැට් හන්කොක්” සෞඛ්‍ය ලේකම් ලෙස පත් කර ඇත. නීතිපතිවරයා ලෙස කටයුතු කළ “ජෙරමි රයිට්” ඩිජිටල්, සංස්කෘතික, මාධ්‍ය හා ක්‍රීඩා සඳහා රාජ්‍ය ලේකම්වරයා ලෙස පත්කර තිබේ. නීතිපතිවරයා ලෙස “ජෙෆ්රි කොක්ස්” පත් කර ඇත. එලිසබෙත් මහ රැජින සියලු පත්වීම් අනුමත කර ඇති බව ද සඳහන් වේ. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව පවතින දේශපාලනික ගැටළුව හේතුවෙන් මෙලෙස “බොරිස් ජොන්සන්” ඉල්ලා අස්වී ඇති බව පැවසේ.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති