චීන අගමැති ජර්මන් චාන්සල්ර්වරිය හමු වෙයි

2018-07-10 14:14:07
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන අගමැති ජර්මන් චාන්සල්ර්වරිය හමු වෙයි


ජර්මනියේ නිල සංචාරයක නිරත චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යාං මහතා ඊයේ (10) එරට චාන්සල්ර්වරිය හමු විය. වත්මන් අස්ථිර ජාත්‍යන්තර පසුබිම ය‍ටතේ, චීනය හා ජර්මනිය ලෝකයේ ප්‍රධාන ආර්ථික ඒකකයන් වශයෙන් ද්වීපර්ශ්වික හා බහුපාර්ශ්වික සහයෝගතාව පුළුල් කිරීමෙන් ජාත්‍යන්තර පටිපාටිය ආරක්ෂා කිරීමේ සක්‍රීය සංඥාවක් නිකුත් කළ යුතු බව චීන අගමැතිවරයා එම අවස්ථාවේදී ප්‍රකාශ කළේය. නිදහස් වෙළඳාම, සාධාරණ ගනුදෙනු වලට සහය ලබා දෙමින් ගෝලීය වෙළඳ සංවර්ධන හා ‍‍ලෝක ආර්ථික තිරසර පුනරුත්ථාපනය ප්‍රවර්ධනය කිරීමට දෙරට පොදුවේ දායක විය යුතු බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

ජර්මනිය හා චීනය ආර්ථික, වෙළඳ හා තාක්ෂණ ඇතුළු ක්ෂේත්‍ර වල සහයෝගතා ඉදිරියට ප්‍රවර්ධනය කරමින් අවංක ලෙස අදහස් හුවමාරු කර ගැනීමට වර්තමාන ජාත්‍යන්තර පසුබිම යටතේ වැඩි අර්ථයක් ඇතැයි ජර්මන් චාන්සල්ර් Angela Merkel මහත්මිය ප්‍රකාශ ක‍ළාය. චීන සමාගම් තම රටට පැමිණ ආයෝජනය කිරීම පිළිගන්නා බවද ඇය ප්‍රකාශ කර තිබේ.

චීන අගමැති ජර්මන් චාන්සල්ර්වරිය හමු වෙයි


ඉන් අනතුරුව චීන අගමති හා ජර්මන් චාන්සල්ර්වරිය 05 වැනි චීන ජර්මන් ආණ්ඩු මට්ටමේ සාකච්ඡාව පොදුවේ මුලසුන දැරුහ. එම සාකච්ඡාවේදී දෙරටේ රාජ්‍යතාන්ත්‍රික, ආර්ථික, කර්මාන්ත, මුදල්, අධ්‍යාපන, තාක්ෂණ, කෘෂිකර්මික පිළිබඳ අංශ ප්‍රධානීන් ඉදිරිපත් කළ වාර්තාවන්ට නායක දෙපළ සවන් දුන්හ. වාර්තමානයේ චීනය හා ජර්මනිය ද්වීපාර්ශ්වික ආර්ථික හා වෙළඳ සහ‍යෝගතා තවදුරටත් ඉදිරියට ගෙන යන බවත් නිදහස් වෙළඳාම හා සාධාරණ මෙන්ම ‍පොදුවේ පිළි ගත හැකි නියමයන්ගෙන් සමන්විත ජාත්‍යන්තර වෙළඳ පොළ පොදු‍වේ ආරක්ෂා කිරීමට දෙපාර්ශ්වය එකඟතාවකට පැමිණි සිටිති. ජර්මනිය සමඟ තුන් වැනි පාර්ශ්ව වෙළඳ පොළ පොදුවේ ගවේෂණය කිරීමට චීනය කැමැත්තෙන් පසු වෙයි. චීනය සමඟ 4.0 කර්මාන්තය පොදුවේ සංවර්ධනය කිරීමට ජර්මනියේ දායකත්වය ලබා දීමේ කැමැත්තද එහිදී ප්‍රකාශ කෙරිණ.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති