උතුරු කොරියාව සහ ඇමරිකාව ඒකාබද්ධ නිවේදනයකට අත්සන් තබයි - sinhalese.cri.cn

උතුරු කොරියාව සහ ඇමරිකාව ඒකාබද්ධ නිවේදනයකට අත්සන් තබයි

2018-06-13 14:27:09
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

උතුරු කොරියා රාජ්‍ය මණ්ඩල සභාපති කිම් ජොන් උන් මහතා ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඊයේ (12) පස්වරුවේ සිංගප්පූරුවේ Sentosa දූපතේ පිහිටි Capella හෝටලයේදී දෙරටේ ධුරයේ සිටින රාජ්‍ය නායකයන් ‍අතර ඉතිහාසයේ සිදුවූ ප්‍රථම හමුව පැවැත්වූහ. එම හමුවේදී නායක දෙපළ ඒකාබද්ධ නිවේදනයකට අත්සන් කළහ.

එම නිවේදනයට අනුව, දෙරට නව ද්වීපාර්ශ්වික සබඳතාව පිහිටුවා කොරියා අර්ධද්වීපයේ දීර්ඝකාලීන ස්ථාවර සාම ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම සඳහා වෑයම් දරනු ඇත. උතුරු කොරියාවේ සුරක්ෂිතභාවය සහතික කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රතිඥා දුන්නේය. එමෙන් ම කොරියා අර්ධද්වීපයේ නිර්න්‍යෂ්ටිකකරණය සැබවින් ම සාක්ෂාත් කිරීමේ පොරොන්දුව කිම් ජොන් උන් මහතා යළි වරක් ප්‍රකාශ කළේය. මෙවර හමුව ලබා ගත් ප්‍රගති ක්‍රියාවට නැංවීම සඳහා දෙරට උසස් මට්ටමේ රාජ්‍ය නියෝජිත කණ්ඩායම් සාකච්ඡා පැවැත්වීමට පිටත් කිරීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.

උතුරු කොරියාව සහ ඇමරිකාව ඒකාබද්ධ නිවේදනයකට අත්සන් තබයි

මීට අමතරව, උතුරු කොරියා හා ඇමරිකා නායකයෝ අන්‍යෝන්‍ය වශයෙන් නිල සංචාරවල නිරත වීම පිළි ගෙන තිබේ.

සිංගප්පූරුවේ පැවති උතුරු කොරියා හා ඇමරිකා නායක සමුළුවේදී උතුරු කොරියා නායක කිම් ජොන් උන් මහතා, ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඉදිරිපත් කළ ඇමරිකාවේ සංචාරය කිරීමේ ආරාධනාව පිළි ගත්තේය. එමෙන්ම කිම් ජොන් උන් මහතා ඉදිරිපත් කළ උතුරු කොරියාවේ සංචාරය කිරීමේ ආරාධනාව ද ඩොනල්ඩ් ට්‍රම්ප් ම මහතා පිළි ගෙන තිබේ. 

උතුරු කොරියා ඇමරිකා නායක හමුවට දැවැන්ත ඓතිහාසික අර්ථයක්  බව චීනය සඳහන් ක‍රයි.

උතුරු කොරියා ඇමරිකා නායක හමුව ලද ප්‍රගතිය අර්ධද්වීප නිර්න්‍යෂ්ටිකකරණය, එදිරිවාදිකාම් හා විරුද්ධතාවන් බැහැර කර අර්ධද්වීප සදාකාලීන සාමය හා සමෘද්ධිය සාක්ෂාත් කර ගැනීමට වැදගත් පියවරක් බව ගෙන්ග් ෂුවාං මහතා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

විවිධ පාර්ශ්වයන් සමඟ අර්ධද්වීප නිර්න්‍යෂ්ටිකකරණය හා අර්ධද්වීප සාමකාමී පද්ධතිය බිහි කිරීම සඳහා අඛණ්ඩව දායක වන අතර එහි සදාකාලීන සාමය හා ස්ථාවරත්වය ඉටු කිරීමට කැපවීමට චීනය කැමැත්තෙන් පසු වන බව හෙතෙම අවධාරණය කළේය.


ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති