උතුරු කොරියා - ඇමරිකා ප්‍රථම නායක හමුව සිංග්ගපූරුවේදී පැවැත්වෙයි

2018-06-12 14:35:50
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

උතුරු කොරියා - ඇමරිකා ප්‍රථම නායක හමුව සිංග්ගපූරුවේදී පැවැත්වෙයි


උතුරු කොරියා රාජ්‍ය මණ්ඩල සභාපති කිම් ජොන් උන් මහතා ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අද (12) සිංග්ගපූරුවේදී හමු විය. එය දෙරටේ ධුරයේ සිටින රාජ්‍ය නායකයන් ‍අතර ඉතිහාසයේ සිදුවූ ප්‍රථම හමුවීමය. කොරියානු අර්ධද්වීප නිර්න්‍යෂ්ටිකකරණය සහ දෙපාර්ශ්වයේ නොසන්සුන් සබඳතාව ලිහිල් කිරීම සම්බන්ධයෙන් ඔවුහු සංවාදයක නිරත වෙති.

අද පෙරවරුවේ සිංග්ගපූරුවේ හෝටලයක රතු පලස මතින් දෙපස සිට පැමිණි කිම් ජොන් උන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් මධ්‍ය ඉදිරියේ අතට අත දුන්හ. එය කොරියානු අර්ධද්වීප ප්‍රශ්නය දේශපාලනයෙන් විසඳා ගැනීමට වදැගත් පියවරක් ලෙසට සැලසේ.

එම නායක දෙපළ දිනයක සාකච්ඡා පැවැත්වෙයි. නායකයන් ‍දෙදෙනා අතර පමණක් පවතින හමුව, මහ පරිමාණ රාජ්‍ය සාකච්ඡාව සහ නිල මධ්‍යාහන භෝජනය එහි සිදු වනු ඇතැයි ඇමරිකාවේ ධවල මන්දිරය සඳහන් කර තිබේ.

උතුරු කොරියා ඇමරිකා නායක හමුව අර්ධද්වීප නිර්න්‍යෂ්ටිකකරණය සහ අර්ධද්වීප සාමකාමී පද්ධතිය බිහි කිරීමට හරවත් පියවර ගැනීමට හේතුවනු ඇතැයි චීනය අපේක්ෂා කරයි.

එම හමුව බාධාවන්ගෙන් තොරව අන්‍යෝන්‍ය විශ්වාසය බිහි කරමින් අසීරුතා අභිබවා ප්‍රායෝගික පියවරක් වනු ඇතැයි චීනය අපේක්ෂා කරන බව වාං යී මහතා අද (12) බෙයිජිංහි ප්‍රකාශ කළේය. අර්ධද්වීප නිර්න්‍යෂ්ටිකකරණය සහ අර්ධද්වීප සාමකාමී පද්ධතිය බිහි කිරීමට මූලික එකඟතාවට පැමිණිය හැකි බවට ද අපේක්ෂා කෙරේ. ඒ වෙනුවෙන් චීනය අඛණ්ඩව දායක වන බව හෙතෙම අවධාරණය කර තිබේ.


ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති