උතුරු දකුණු කොරියානු උසස් පෙළේ සාකච්ඡාව නතර කෙරේ

2018-05-16 14:47:27
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

උතුරු දකුණු කොරියානු උසස් පෙළේ සාකච්ඡාව නතර කිරීමට උතුරු කොරියාව තීරණය කරයි.

දකුණු කොරියාව සහ ඇමරිකාව මේ දින වල තම රටට එරෙහිව එල්ල කරන මහ පරිමාණ ඒකාබද්ධ යුධ අභ්‍යාසය ඇතුළු කඩා කප්පල්කාරී ක්‍රියා ඊ‍ට හේතුව බව උතුරු කොරියාවේ මධ්‍යම ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි. ඒ හේතුවෙන් උතුරු කොරියාව සමඟ පැවැත්වීමට නියමිත නායක හමුව සම්බන්ධයෙන් ද ඇමරිකාවේ සැලකිල්ලට ලක් විය යුතු බව ද සඳහන් කෙරේ.

පසුගිය දා සිට දකුණු කොරියාව පුරා ම පැවැත්වෙන මහ පරිමාණ ඒකාබද්ධ යුධ අභ්‍යාසය Panmunjom ප්‍රකාශයට පැහැදිලි අභියෝගයක් මෙන්ම යහපත් වෙමින් පවතින කොරියානු අර්ධද්වීප තත්වයට විරුද්ධව සිදු කෙරෙන කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව ද එම වාර්තා පවසයි. 

මේ අතර කොරියානු අර්ධද්වීපයේ නව තත්ත්වය පිළිබඳව චීනය සිය අදහස් ඉදිරිපත් කළේය.

උතුරු කොරියාව සහ ඇමරිකාව අන්‍යෝන්‍ය වශයෙන් මිත්‍රශීලි සංඥාව නිකුත් කළ යුතු අතර නොසන්සුන් තත්ත්වයට ‍තුඩු දෙන විවිධ උත්තේජක ක්‍රියා වලින් වැළකී සිටිය යුතු බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ලූ කන්ග් මහතා ප්‍රකාශ කර ඇත.


ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති