සිරියාවේ රසායනික අවි ප්‍රහාර පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස අරාබි රටවලින් ඉල්ලීමක්

2018-04-16 15:50:41
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

සිරියාවේ රසායනික අවි ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස අරාබි රටවල් ජගත් ප්‍රජාවෙන් ඉල්ලීමක් කරයි.

අරාබි ලීගයේ එක් දින රාජ්‍ය නායකයන්ගේ සමුළුව සෞදි අරාබියේ Zahran නුවරදී ඊයේ (15) පැවැත්විණ. එම සමුළුව අවසන් වීමෙන් පසු නිකුත් වූ නිවේදනයෙන් එම ඉල්ලීම ඉදිරිපත් කෙරිණ. ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සිරියාවේ ක්‍රියාත්මක කරමින් තිබෙන හමුදා මෙහෙයුම් පිළිබඳ ව අරාබි රටවල් දැඩි අවධානය යොමු කර සිටී. අහිංසක සිරියානු වැසියන්ට රසායනික අවි ප්‍රහාර එල්ල කිරීම තරයේ හෙළා දකින බව එම නිවේදනය පවසයි. සිරියාවේ රසායනික අවි ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු ය. සිරියාවේ ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට එරට රැඳී සිටින සියලු විදේශ හමුදා ඉවත් විය යුතු ය. යුද ප්‍රහාර නොව දේශපාලන මාර්ගයෙන් සිරියානු ප්‍රශ්නය විසඳා ගත යුතු බව එම නිවේදනය අවධාරණය කර තිබේ.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති