සිරියානු ප්‍රහාරය හෙළා දැකීමේ යෝජනාවක් ආරක්ෂක මණ්ඩලය ප්‍රතික්ෂේප කරයි

2018-04-15 16:57:49
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ඇමෙරිකාව සහ එහි සන්ධාන රටවල් සිරියාවට එරෙහි ව එල්ල කළ යුද ප්‍රහාරය හෙළා දැකීම ඉලක්ක කර ගත් යෝජනාව ආරක්ෂක මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබේ.

රුසියාව කෙටුම්පත් කළ එම යෝජනාව පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ඡන්ද විමසීමක් ඊයේ(14)  පැවැත්විණ. ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවල් 15 න් රටවල් තුනක් පක්ෂව ද , රටවල් 8 ක් විරුද්ධව ද, තවත් රටවල් 4 ක් ඡන්දය දීමෙන් වැලකී සිටීමෙන් එම යෝජනාව ප්‍රතික්ෂේප කෙරිණ.

ඇමෙරිකානු උප ජනාධිපති Michael Pence මහතා ඊයේ ප්‍රකාශ කළේ සිරියාවට යළිත් යුද ප්‍රහාරයක් එල්ල කිරීමටත් සිරියාව සහ එහි සන්ධාන රටවල් එල්ල කළ හැකි පළි ගැනීමේ මෙහෙයුම්වලට මුහුණ දීමටත් ඇමෙරිකාව සූදානම් බවය.

මේ අතර ඇමෙරිකාව, ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය සිරියාවට එරෙහිව යුද ප්‍රහාර දියත් කිරීමෙන් පසුව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි රැස්වීමක් පැවැත්වීය. ජාත්‍යන්තර නීති රාමුවට යළිත් පැමිණ සංවාද මාර්ගයෙන් ගැටළුව විසඳන ලෙස එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිත මා චාඕශූ මහතා එම රැස්වීම අමතමින් අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති