23 වැනි සීත කාලීන ඔලිම්පික් උළෙල 9 වැනිදා රාත්‍රියේ දකුණු කොරියාවේ Pyeongchangහි ආරම්භ වෙයි

2018-02-08 16:43:45
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

23 වැනි සීත කාලීන ඔලිම්පික් උළෙල 9 වැනිදා රාත්‍රියේ දකුණු කොරියාවේ Pyeong changහි ආරම්භ වීමට නියමිතය.

Pyeong chang සීත කාලීන ඔලිම්පික් උළෙලේ සියළු කටයුතු සූදානම්  තිබෙන බවත් තම රට ලෝකය වෙත සාමකාමී සහ අපූරු ඔලිම්පික් උළෙලක් තිළිණ කිරීමට හැකි උපරිමයෙන් උත්සාහ කරනු ඇති බවත් මෙවර ඔලිම්පික් උළෙලේ සංවිධායක කමිටු සභාපති Lee Hee Beom මහතා ප්‍රකාශ කර ඇත. රටවල් හා ප්‍රදේශ 92ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 2925 දෙනෙක් 25 වැනිදා දක්වා පැවැත්වෙන උළෙලට එක් වෙති.

ආරම්භක උළෙලේදී දකුණු කොරියානු ක්‍රීඩා නියෝජිත කණ්ඩායම සහ උතුරු කොරියානු ක්‍රීඩා නියෝජිත කණ්ඩායම ‘කොරියානු අර්ධද්වීපයේ ධජය’ යටතේ ක්‍රීඩාංගනයට පිවිසෙනු ඇත.

 

 

 

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති