චීන අග්‍රාමාත්‍යවරයා කාම්බෝජ නිල සංචාරය අර‍ඹයි

2018-01-10 18:43:27
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන අග්‍රාමාත්‍යවරයා කාම්බෝජයට ළඟා වෙයි.

කාම්බෝජ අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනාවකට අනුව, චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යාං මහතා ‍අද කාම්බෝජයට ළඟා විය. හෙතෙම දෙවැනි Lancang-Mekong සහයෝගතා නායක සමුළුවට සහභාගී වන අතරතුර එරට නිළ සංචාරයක නිරත වීමට නියමිතය.

එය මෙම වසරේ චීන රාජ්‍ය නායකයෙකුගේ ප්‍රථම විදේශ සංචාරයය. Lancang නදිය සහ Mekong ගංඟාව හරහා රටවල් හයක් එකට බැඳී තිබේ. පැවැත්වූ සහ‍යෝගතා පදනම්ව ඉදිරි සංවර්ධනය සැළසුම් කිරීමට විවිධ පාර්ශ්වයන් සමඟ කැපවීමට චීනය කැමැත්තෙන් පසු වන බව චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යාං මහතා පැවසීය.

Lancang-Mekong සහයෝගතාව චීනය, මියන්මාරය, ලාඕසය, තායිලන්තය, කාම්බෝජය සහ වියට්නාමය යන රටවල් හය විසින් පොදුවේ සාකච්ඡා සහ සංවර්ධනය කරනු ලැබෙන අතර එය පොදුවේ බෙදා ගැනීමේ නවාකාර කලාපීය සහ‍යෝගතා පද්ධතියකි. 2016 වසරේ මාර්තු මාසයේ ප්‍රථම Lancang-Mekong සහයෝගතා නායක සමුළුව චීනයේ හැයි නැන් පළාතේ පැවැත්විණ. ගෙවී ගිය වසර දෙක තුළ, එම පද්ධතිය එම කලාපයේ ශක්තියක් මෙන්ම සැඟවුණු සංවර්ධන බලයක් හිමි සහයෝගතා පද්ධතියක් බවට පත් ව තිබේ.  

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති