දකුණු කොරියාවේ පැවැත්වෙන සීත කාලීන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට එක් වීම සඳහා උතුරු කොරියානු නායකයා පළ කළ කැමැත්ත පිළි ගන්නා බව දකුණු කොරියාව ප්‍රකාශ කරයි

2018-01-02 15:38:38
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

දකුණු-උතුරු කොරියා සම්බන්ධතාව යහපත් කරමින් දකුණු කොරියාවේ Pyeongchangහි පැවැත්වෙන සීත කාලීන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට එක් වීම  සඳහා උතුරු කොරියානු නායක කිම් ‍ජොන්-උන් මහතා පළ කළ කැමැත්ත පිළි ගන්නා බව දකුණු කොරියාව ප්‍රකාශ කරයි.

දකුණු කොරියානු ජනපති මන්දිර ප්‍රකාශක park soo hyun මහතා ඊයේ(1) මාධ්‍ය හමුවක් අමතමින් මේ බව ප්‍රකාශ කළේය. දකුණු-උතුරු කොරියා සම්බන්ධතාව විධිමත් වීම සහ කොරියානු අර්ධද්වීපයේ සාමයට අදාළ ඕනෑම ප්‍රශ්න සම්බන්ධයෙන්, ඕනෑම වේලාවක, ඕනෑම ස්ථානයක සහ ඕනෑම ආකාරයකින් උතුරු කොරියාව සමග සංවාද පැවැත්වීමට දකුණු කොරියාව සූදානම් බව ඔහු සඳහන් කළේය.

උතුරු කොරියාව දකුණු කොරියාවේ Pyeongchangහි පැවැත්වෙන සීත කාලීන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සිය ක්‍රීඩා කණ්ඩායමක් යැවීමට කැමති බවත් ඒ සඳහා දෙරට හදිසි සාකච්ඡාවක් පැවැත්වීමේ අවශ්‍යතාවක් පවතින බවත් උතුරු කොරියානු නායක කිම් ජොන්-උන් මහතා ඊයේ(1) සිදු කළ නව වසරේ සුභ පැතුම් පණිවිඩයේ සඳහන් වෙයි.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති