ලෙබනනයේ සිටින තම වැසියන්ට කඩිනමින් එරටින් ඉවත් වන ලෙස සෞදි අරාබිය සහ කුවේටය ඉල්ලීමක් කරයි

2017-11-10 19:04:58
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ලෙබනනයේ සිටින තම වැසියන්ට කඩිනමින් එරටින් ඉවත් වන ලෙස සෞදි අරාබිය සහ කුවේටය ඉල්ලීමක් කරයි. ලෙබනනයේ දේශපාලන අර්බූදයක් මතු වෙමින් පැවතීම ඊට හේතුවයි.

බහරේන් රාජ්‍යය ද ලෙබනනයේ සංචාරය කිරීම පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

ලෙබනන අගමැතිවරයා ‍පසුගිය 4 වෙනිදා සෞදි අරාබියේ රියාද් අගනගරයේ රූපවාහිනියෙන් කතා කරමින් තමා ධුරයෙන් ඉවත් වන බව ප්‍රකාශ කළේය. ඉරානයේ අනුබලය ඇති හිස්බුල්ලා පක්ෂය ලෙබනනයේ අභ්‍යන්තර  කටයුතුවලට මැදිහත් වීම පිළිබඳව ඔහු එහිදී චෝදනා කළේය. මේ පිළිබඳව ඉරාන ජනාධිපතිවරයා පසුගියදා(8) ප්‍රකාශ කළේ ඉරානයට එරෙහි චෝදනා හේතු රහිත ඒවා බවයි.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති