රුසියාව චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වෙනි ජාතික නියෝජිත සම්මේලනය පිළිබඳව සමීපව අවධානය යොමු කරන බව රුසියා ජනාධිපතිවරයා පවසයි

2017-10-21 19:03:20
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

හෙතෙම රුසියාවේ සෝචි නගරයේ පැවති රුසියා බුද්ධිමතුන්ගේ වල්ඩායි ජාත්‍යන්තර සාකච්ඡා සමාජයේ (club) වාර්ෂික සමුළුවේදී මේ බව සඳහන් ‍කළේ ය.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මෙවර සම්මේලනයේදී ඉදිරිපත් කළ වාර්තාව මගින් චීනය ඉදිරි සංවර්ධනයට මුහුණ දීමේ උත්සාහයන් පෙන්වා දුන් බව රුසියානු ජනාධිපති Vladimir Putin මහතා එහිදී පැවසීය. චීනය රුසියාවේ ප්‍රධානම වෙළඳ හවුල්කාරි රට බව හෙතෙම සඳහන් කළේ ය. රුසියාව චීනය සමග අභ්‍යාවකාශ, අධි විද්‍යා හා තාක්ෂණ හා බලශක්ති සම්පත් යනාදි වැදගත් ක්ෂේත්‍රවල සහයෝගතා පවත්වනු ඇති බව ද හෙතෙම ‍පැහැදිලි කළේ ය.

ඕනෑම කරුණක් සම්බන්ධයෙන් රුසියාව හා චීනයට පොදු එකඟතාවට එළඹිය හැකි බැවින් දෙරටට සුභ සෙත සැලසෙන බව Vladimir Putin මහතා කියා සිටියේ ය. ඒ සක්‍රීය ආකාරයක් බව ද ඔහු පැවසීය.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති