ශ්‍රී ලංකාව

රට තුළ පවතින සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව රජය දැඩි අවධානයෙන් සිටින බව අග්‍රාමාත්‍යවරයා පවසයි

ජනතාව කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳව අනියත බියක් ඇති කර නොගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති කර්තෘවරුන් සමඟ  අරලියගහ මන්දිරයේ පැවති හමුවේදීය

මහ මැතිවරණයේ දී අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් පත්‍රය ඉදිරි දින දෙක තුළ

ඉදිරි දින දෙක තුළ දී මහ මැතිවරණයේ දී අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් කරන බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි

නිරෝධායනයට ලක්ව සිටින පුද්ගලයින්ට තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා වෙනත් දිනයක්

කොරොනා වසංගතය හේතුවෙන් නිරෝධායනයට ලක්ව සිටින පුද්ගලයින්ට තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අගෝස්තු මස 04 වන දින අවස්ථාව ලබාදීමට ද තීරණය කර ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි

නව කොරොනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ පසුබෑමට ලක්ව තිබෙන සංචාරක ක්ෂේත්‍රයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ සංචාරක නිෂ්පාදන සංවර්ධනය වෙනුවෙන් යුරෝපා සංගමයෙන් ප්‍රදානයක්

නව කොරොනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ පසුබෑමට ලක්ව තිබෙන සංචාරක ක්ෂේත්‍රයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ සංචාරක නිෂ්පාදන සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 738.5ක (යුරෝ මිලියන 3.5ක) මුදලක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීමට යුරෝපා සංගමය තීරණය කරයි

මෙවර යල කන්නයේ වී කිලෝග්‍රෑමයක් රු. 50ක සහතික මිලට

මෙවර යල කන්නයේ වී කිලෝග්‍රෑමයක් රු. 50ක සහතික මිල යටතේ මිල දී ගැනීමට රජය තීරණය කරයි. පසුගිය වසරවල නාඩු වී කිලෝග්‍රෑම් 1ක් රු. 38ක සහ සම්බා වී කි.ග්‍රෑ. 1ක් රු 41ක මිල ගණන් යටතේ මිල දී ගනු ලැබූ අතර, එම මුදල සියලු වර්ගයේ වී කිලෝවක් සඳහා රු

කොරොනා ව්‍යාප්තිය වැළැක්වීම සඳහා උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇති බව රජය අවධාරණය කරයි

කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් රට තුළ කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් වාර්තා වීමත් සමග වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇති බව රජය අවධාරණය කරයි

2021 සිට 2030 දක්වා වන දස වසර ශ්‍රී ලංකාවේ නිපුණතා සංවර්ධන දශකය ලෙස ප්‍රකාශයට පත්කෙරේ

2021 සිට 2030  දක්වා වන දස වසර  ශ්‍රී ලංකාවේ නිපුණතා සංවර්ධන දශකය ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත්  කරයි

ශ්‍රී ලංකාව අන්තර්ජාතික ඉ-රාජ්‍ය සංවර්ධන ඇගැයුම් ක්‍රියාවලියේ උප කලාපීය ප්‍රමුඛ ස්ථානයට පත් වෙයි

අන්තර්ජාතික ඉ-රාජ්‍ය සංවර්ධන ඇගැයුම් ක්‍රියාවලියේ උප කලාපීය ප්‍රමුඛ ස්ථානයට ශ්‍රී ලංකාව පැමිණෙයි

පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රම රැක ගැනීමට විධිමත් වැඩපිළිවෙළක්

පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රම රැක ගැනීමට විධිමත් වැඩපිළිවෙළක් සැකසීමේ අවශ්‍යතාව මතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.දේශීය වෛද්‍ය ක්‍රම ප්‍රචලිත කිරීමෙන් විදේශීය සංචාරකයන් ආකර්ෂණය කරගැනීමට ඇති හැකියාව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වීම තාවකාලිකව නතර කෙරේ

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වීම හෙට (14) සිට තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කරයි.විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේ නිරෝධායන මධ්‍යස්ථානවල පවතින ඉඩකඩ සීමාසහිත වීම හේතුවෙන් මෙම පියවර ගත් බවය

HomePrev...78910Total 10 pages