ශ්‍රී ලංකාව

මැතිවරණය සාමකාමී බව පොලීසිය කියයි

2020 පාර්ලිමේන්තු මැතිවරණය සමස්ථයක් ලෙස සාමකාමී මැතිවරණයක් ලෙස ප්‍රකාශයට පත් කළ හැකි බව පොලීසිය පවසයි.පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ පසුගිය මැතිවරණවලට සාපේක්ෂව මෙවර මැතිවරණයේ දී ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තාවීම අවම මට්ටමක පැවති බවයි

ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට හැත්තෑවක්

මෙවර මහමැතිවරණයේදී සමස්ත ඡන්ද දායකයන්ගෙන් සියයට හැත්තෑවක් (70%)ක් පමණ ඡන්දය සළකුණු කර ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි.එය එක්කෝටි දස ලක්ෂයකට අධික ඡන්ද සංඛ්‍යාවකි.මැතිවරණ කාර්යාලයේ ඊයේ (05) පැවති නිල මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව පැවසීය

09 වැනි පාර්ලිමේන්තුව සඳහා මන්ත‍්‍රීවරුන් තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම අවසන්

ශ්‍රී ලංකාවේ 09 වැනි පාර්ලිමේන්තුව සඳහා මන්ත‍්‍රීවරුන් තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම අද (05) පැවැත්විණ. ඡන්දය භාවිත කිරීම සඳහා මෙවර සුදුසුකම් ලබා සිටි ඡන්ද දායකයින් සංඛ්‍යාව එක්කෝටි හැට දෙලක්ෂ හැට තුන් දහස් අටසිය අසූ පහකි

මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය සේවකයින් දෙලක්ෂ තිස් තුන්දහස් හාරසිය හැට හත් දෙනෙක්

මෙවර මහ මැතිවරණයේදී මැතිවරණ රාජකාරි සඳහා මෙන්ම ඡන්ද ගණන් කිරීමේ කටයුතු සඳහා රාජ්‍ය සේවකයින් දෙලක්ෂ තිස් තුන්දහස් හාරසිය හැට හතක් (233,467) ඉදිරිපත් වී ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.මැතිවරණ රාජකාරි සඳහා සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව ගියවර සංඛ්‍යාවට වඩා වැඩි වී තිබේ

මහ මැතිවරණයේ ප්‍රතිඵල අගෝස්තු හය වැනි දා මධ්‍යම රාත්‍රියට පෙර

අගෝස්තු හය වැනි දා මධ්‍යම රාත්‍රියට පෙර මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීමටත්,අගෝස්තු හත් වැනි දා මනාප ප්‍රතිඵල නිකුත් කිරීමටත් හැකි වනු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සියල්ල සූදානම්...

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම 06 වන බ්‍රහස්පතින්දා සිදුකිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.ඒ අනුව දිවයින පුරා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 66ක් පිහිටුවා ඇත.මේ අතර හෙට පැවැත්වෙන මැතිවරණය සඳහා ඡන්ද පෙට්ටි නිකුත් කිරීම හා ඒවා ඡන්ද මධ්‍යස්ථානවලට රැගෙන යාම අද සිදු කෙරිණ

අභිනව පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම ලබන 20 වැනිදා

හෙට පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසු අභිනව පාර්ලිමේන්තුවඅගෝස්තු 20 වැනිදා කැඳවනු ලැබේ. ඒ බව සඳහන් මාධ්‍ය නිවේදනය ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (04) නිකුත් කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණ පනතින් පැවරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මේ තීරණය ගෙන ඇත

ඡන්ද පොළ සම්පූර්ණයෙන් සෞඛ්‍යාරක්ෂිත බවට මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයක්

ඡන්ද පොළ සම්බන්ධයෙන් කිසිඳු බියක් ඇතිකර ගතයුතු නොමැති බවත්, ඡන්දපොළ සම්පූර්ණයෙන්ම සෞඛ්‍යාරක්ෂිත බවත්, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පැවති,මැතිවරණ කොමිසමේ නිල මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය

දෘෂ්‍යාබාධිත ඡන්ද දායකයින්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා විශේෂ ක්‍රමයක්

දෘෂ්‍යාබාධිත ඡන්ද දායකයින්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා විශේෂ ක්‍රමයක් හඳුන්වාදීමට පියවර ගැනේ.ඒ තම රහස්‍යභාවය රැකෙන ආකාරයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙසට ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත සංගමය මැතිවරණ කොමිසමෙන් කළ ඉල්ලීමකට අනුවය

පෙට්ටිවල ආරක්ෂාව සහතික කිරීම සඳහා විශේෂ වැඩ පිළිවෙලක්

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දින රාත්‍රියේ ඡන්ද පෙට්ටිවල ආරක්ෂාව සහතික කිරීම සඳහා ආරක්ෂක නිලධාරීන්ට අමතරව දේශපාලන පක්ෂ නියෝජිතයන්ට ද අවස්ථාව ලබා දෙයි

HomePrev1234567...NextEndTotal 10 pages