ශ්‍රී ලංකාව

මහින්ද රාජපක්ෂ මහතා නවවැනි පාර්ලිමේන්තුවෙහි අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා නවවැනි පාර්ලිමේන්තුවෙහි අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි.ඓතිහාසික කැළණිය රජමහා විහාරස්ථානයේ අද (09) පෙරවරුවේ පැවති උත්සවයේ දී නව අග්‍රාමාත්‍යවරයා දිවුරුම් දුන්නේ,ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයට චීන කොමියුනිස්ට් පක්ෂයේ සුභ පැතුම්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ජයග්‍රහණ ලැබීම පිළිබඳව චීන කොමියුනිස්ට් පක්ෂය සුභ ප්‍රාර්ථනා කරයි

චීන තානාපති කාර්යාලයේ මාධ්‍ය නිවේදනය 2020 අගෝස්තු 7

චීනයේ බුද්ධාගම සහ චීන-ශ්‍රී ලංකා බෞද්ධ මිත්‍රත්වයI. යම් විදේශීය බලවේග විසින් චීනයේ බුද්ධාගම පිළිබඳ බොරු චෝදනා ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ   පතුරුවා හැරීම චීන තානාපති කාර්යාලය කනගාටුවෙන් යුතුව දුටුවේය. මෙම චෝදනා මුළුමනින්ම සත්‍යය කරුණු වලට විරුද්ධ ය.II

ඡන්ද මධ්‍යස්ථාන සියල්ල විෂබීජහරණයට

මහ මැතිවරණය අවසන් වීමෙන් පසු මැතිවණ මධ්‍යස්ථාන සඳහා යොදා ගත් සියලුම ස්ථාන විෂබීජහරණයට ලක් කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.පාසල් , රාජ්‍ය ආයතන ඇතුළු සියලු ඡන්ද මධ්‍යස්ථාන හා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදාගත් ස්ථාන විෂබීජහරණය කිරීමට කටයුතු කළ බව එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේය

2/3 ආණ්ඩුවක් පිහිටුවන්න පොහොට්ටුව සැරසෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මෙවර මහා මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක පැහැදිලි බහුතර බලයක් ලැබී තිබෙන බැවින් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ කිසිදු අවශ්‍යතාවයක් මතු නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අවධාරණය කරයි

ශ්‍රී ලංකාවේ දහහතර වැනි අග්‍රාමාත්‍යවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දීම හෙට (09) උදෑසන

ශ්‍රී ලංකාවේ දහහතර වැනි අග්‍රාමාත්‍යවරයා වශයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා කැලණිය රජමහා විහාරස්ථානයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ හෙට (09) උදෑසන දිවුරුම් දීමට නියමිතය

ඉතිහාසයේ පක්ෂයක් ලැබූ විශිෂ්ඨතම ජය පොදුජන පෙරමුණට

මෙවර මහ මැතිවරණයේ දී මෙරට මැතිවරණ ඉතිහාසයට විශේෂතා රැසක් එක් වී ඇත.එක්සත් ජාතික පක්‍ෂයේ බල කඳවුර වන කොළඹ දිස්ති‍්‍රක්කයේදී කිසිදු ආසනයක් දිනා ගැනීමට එම පක්ෂයට නොහැකි වීම විශේෂිතම සිද්ධියකි

මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විශිෂ්ඨ ජයක්

පෙරේදා (5) පැවති මහමැතිවරණයෙන් මන්ත්‍රීධූර 128ක් හිමිකරගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතිවිශිෂ්ඨ ජයක් හිමිකරගෙන ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර 17ක් හිමි වූ අතර ඒ අනුව මන්ත්‍රිධූර ගණන 145කි.පොදුජන පෙරමුණ ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 68 53 690කි.එය සියයට 59.09%ක ප්‍රතිශතයකි

නව අගමැතිවරයා දිවුරුම් දීම ලබන 09 වෙනිදා

පාර්ලිමේන්තු මැතිවරණයේ දී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමත්ව තිබේ.ඔහු ලබා ගත් මනාප ඡන්ද සංඛ්‍යාව 5,27,364කි.කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 11 දෙනෙක් තේරීපත් වූහ

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් ගැන විශ්වාසය තැබූ ඡන්ද දායකයින්ට ජනපතිගෙන් තුති

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් කෙරෙහි විශ්වාසය තබමින් මහ මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කළ ඡන්ද දායකයින්ට, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ස්තූතිය පළ කරයි.ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටී.මහ මැතිවරණයේ දී 71%කට ආසන්න ඡන්ද දායකයින් පිරිසක් තම ඡන්දය ප්‍රකාශ කර ඇත

HomePrev123456...NextEndTotal 10 pages