ශ්‍රී ලංකාව

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම හෙට

නව කැබිනට් මණ්ඩලය මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි මඟුල් මඩුවේදී හෙට (12) දිවුරුම් දිමට නියමිතයි.නව රජය අමාත්‍යංශ 28 කින් හා රාජ්‍ය අමාත්‍යංශ 40 කින් සමන්විත වන අතර එම අමාත්‍යංශවල ව්‍යුහය අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කර ඇත

පාර්ලිමේන්තුවට තේරී පත් වූ නවක මන්ත‍්‍රීවරුන්ට දින 03 ක වැඩමුළුවක්

පාර්ලිමේන්තුවට තේරී පත් වූ නවක මන්ත‍්‍රීවරුන්ට දින 03 ක වැඩමුළුවක් පැවැත්වීමට තීරණය කෙරේ

ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 19 දෙනෙකුගේ නම් ඇතුළත් අති විශේෂ ගැසට් පත්‍රයක්

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව එක් එක් පක්ෂවලින් නම් කරන ලද ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 19 දෙනෙකුගේ නම් ඇතුළත් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කෙරේ.මැතිවරණ කොමිෂන් සභාව විසින් අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇත

පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් ලියාපදිංචි කිරීම අන්තර් ජාලය ඔස්සේ

09 වන පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් ලියාපදිංචි කිරීම අන්තර්ජාලය ඔස්සේ සිදුකිරීමට තීරණය කර තිබේ

පාර්ලිමේන්තුවට තේරී පත්වූ සභිකයින්ගේ වත්කම්, බැරකම් ප්‍රකාශ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට පෙර ලබා දෙන ලෙසට දැනුම් දීමක්

මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ සභිකයින්ගේ වත්කම්, බැරකම් ප්‍රකාශ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට පෙර ලබා දෙන ලෙසට ජාතික මැතිවරණ කොමිෂන් සභාව සියලු සභිකයින්ට දැනුම් දෙයි.අදාළ බැරකම් ප්‍රකාශ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් වෙත ලබාදිය යුතුය

ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය අඩුවෙයි

මැයි මාසයේ දී විදෙස් ණය ප්‍රමාණය රු. බිලියන 6,807.1 සිට රු. බිලියන 6,514.5 ක් දක්වා රු. බිලියන 292.6 කින් පහළ ගොස් ඇත.මධ්‍යම රජයේ සමස්ත ණය ප්‍රමාණය මැයි මාසය තුළ දී රු. බිලියන 14,024.7 සිට රු. බිලියන 13,895.9 දක්වා රු. බිලියන 128.8 කින් අඩු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක සඳහන් වේ

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයාට චීන අග්‍රාමාත්‍යවරයාගෙන් සුභ පැතුම්

මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම පිළිබඳව චීන අග්‍රාමාත්‍ය ලී ක චිය්‍යන් මහතා සුභ පැතුම් පණිවිඩයක් යවයි

නව අග්‍රාමාත්‍යවරයාට විදේශීය නායකයෙකුගෙන් ලැබුණු පළමු සුභ පැතුම චීනයෙන්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා , කැළණිය රජමහා විහාරස්ථානයේ දී, නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (09) දිවුරුම් දුන්නේ ය

හෙට (10) සිට දිවයිනේ සියලු පාසල් විවෘත කෙරේ

හෙට (10) දිනයේ සිට දිවයිනේ සියලු පාසල් අධ්‍යයන කටයුතු සඳහා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.කෙසේ වෙතත් 5,10,11, 12 හා 13 ශ්‍රේණිවලට පමණක් සතියේ දින පහ තුළ පාසල් විවෘතව පවතින අතර අනෙක් ශ්‍රේණි සඳහා අදියර වශයෙන් අධ්‍යයන කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය

තේරී පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුලත් ගැසට් නිවේදනය නිකුත් වෙයි

2020 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස ජනතා ඡන්දයෙන් තේරී පත්වූ 196 දෙනාගේ නම් ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.මැතිවරණ කොමිසමේ සාමාජිකයින් තිදෙනාගේම අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත

HomePrev12345...NextEndTotal 10 pages