මහ මැතිවරණයේ දී අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් පත්‍රය ඉදිරි දින දෙක තුළ

2020-07-16 16:52:10
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ඉදිරි දින දෙක තුළ දී මහ මැතිවරණයේ දී අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් කරන බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

මේ අතර ඊයේ (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසා සිටියේ‍, සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය නොකරන්නේ නම් මැතිවරණය පැවැත්වීම අපහසු බවය.

දැනට පනවා ඇති මුඛ ආවරණ පැළඳීම, මීටරයක දුර පවත්වා ගැනීම හා නිරන්තරයෙන් අත්සේදීම වැනි කරුණු ගැන ජනතාව සැලකිලිමත් නොවන්නේ නම්, වසංගතය ව්‍යාප්ත වීමට ඉඩ ඇති බැවින් මැතිවරණ කටයුතු සඳහා ද එය බරපතල ලෙස බාධාවක් විය හැකි බව ද ඔහු සඳහන් කළේය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති