නිරෝධායනයට ලක්ව සිටින පුද්ගලයින්ට තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා වෙනත් දිනයක්

2020-07-16 16:44:21
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

කොරොනා වසංගතය හේතුවෙන් නිරෝධායනයට ලක්ව සිටින පුද්ගලයින්ට තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අගෝස්තු මස 04 වන දින අවස්ථාව ලබාදීමට ද තීරණය කර ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මහ මැතිවරණයට අදාළ ව පොලිස් ස්ථාන, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා මැතිවරණ කාර්යාලවල තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට දිනයේත් සිදු කෙරේ.

මහ මැතිවරණය ට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම පසුගිය 13 වන දින ආරම්භ විය.

අදාළ දිනවල දී තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද දායකයින්ට එළඹෙන 20 සහ 21 යන දිනවල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල දී තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව හිමි වන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති