2021 සිට 2030 දක්වා වන දස වසර ශ්‍රී ලංකාවේ නිපුණතා සංවර්ධන දශකය ලෙස ප්‍රකාශයට පත්කෙරේ

2020-07-15 15:33:26
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

2021 සිට 2030 දක්වා වන දස වසර ශ්‍රී ලංකාවේ නිපුණතා සංවර්ධන දශකය ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත් කරයි.

‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ රජයේ ජාතික ප්‍රතිපත්ති ලේඛනයට අනුකූලව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා නිපුණතා සංවර්ධන ක්ෂේත්‍රයේ පරිවර්තනීය ප්‍රගතියක් අත්කර ගැනීම එමගින් අපේක්ෂා කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයේ සිටියදී 2014 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට ඉදිරිපත් කළ යෝජනාවකින් ස්ථාපනය කළ “ලෝක යොවුන් නිපුණතා දිනය” අත්කරගත් ප්‍රගතිය මත පදනම්ව නිපුණතා සංවර්ධන දශකය සැලසුම් කර ඇති බව සඳහන් වේ.

ගෝලීය ප්‍රවනතාවන්ට යෝග්‍යවන පරිදි මතු පරපුරේ නිපුණතා ප්‍රවර්ධනය සහ ධරණීය සංවර්ධනය සඳහා වන ගෝලීය න්‍යාය පත්‍රය 2030 කේන්ද්‍ර කරමින් නිපුණතා සංවර්ධන දශකයේ ක්‍රියාකාරී සැලැස්ම සකස් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති