විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වීම තාවකාලිකව නතර කෙරේ

2020-07-13 15:11:52
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වීම හෙට (14) සිට තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කරයි.

විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේ නිරෝධායන මධ්‍යස්ථානවල පවතින ඉඩකඩ සීමාසහිත වීම හේතුවෙන් මෙම පියවර ගත් බවය.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් නව කොවිඩ් නයින්ටීන් ආසාදිත පොකුරක් හමුවීමත් සමඟ ඔවුන්ගේ ආශ්‍රිතයින් මේ වන විට නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබේ.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති