කොවිඩ්-19 වසංගතයේ වත්මන් තත්ත්වය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය දැඩි අවධානයෙන්

2020-07-13 15:08:33
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

කොවිඩ්-19 වසංගතයේ වත්මන් තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය පවසන්නේ තත්ත්වය ඉතා අයහපත් මට්ටමකට පත්වුවහොත් සෞඛ්‍ය ආරක්ෂා කිරීමට නොපැකිලව මැදිහත් වන බවය.

අධ්‍යාපන පද්ධතියේ සිසුන් ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ අනෙකුත් සියලු අධ්‍යාපන කාර්යය මණ්ඩලවල සෞඛ්‍ය ආරක්ෂාව සහතික කිරීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය දැඩි අවධානයෙන් පසුවන බව එම අමාත්‍යංශය පෙන්වා දෙයි.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ උපදෙස් පරිදි පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ සෞඛ්‍ය ප්‍රවර්ධන නිලධාරීන් සම්බන්ධ කරගනිමින් තොරතුරු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට ද පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසීය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති