සුරක්ෂිත සමාජයක් බිහි කිරීම සඳහා විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක්

2020-06-03 15:25:45
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

“සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි ජාතික ආරක්ෂාවට මුල් තැන ලබාදීමත් සුරක්ෂිත රටක්, විනය ගරුක, ගුණ ගරුක හා නීති ගරුක සමාජයක් බිහි කිරීමත් උදෙසා ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කරනු ලැබ තිබේ. ඊට අදාල අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතාගේ අත්සනින් යුතුව ඊයේ (2) නිකුත් කෙරිණ.

මෙම ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිවරයා ලෙස ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා ක්‍රියා කරයි.කාර්ය සාධක බලකායේ ලේකම්වරයා වන්නේ ආරක්ෂක අමාත්‍යංශයේ ජේෂ්ඨ සහකාර ලේකම් ඩි.එම්.එස්. දිසානායක මහතායි.

වර්තමානයේ රටේ යම් යම් ස්ථානවල නිදහස් හා සාමකාමී සමාජ පැවැත්මට හානිකර අයුරින් මතුවෙමින් පවතින නීති උල්ලංඝණය කිරීම් මැඩ පැවැත්වීමට අවශ්‍ය කඩිනම් පියවර ගැනීම මෙම කාර්ය සාධක බලකායට පැවරි ඇති ප්‍රධාන වගකීමයි.

මත්ද්‍රව්‍ය උවදුරට ගොදුරුවන්නන් ඉන් වැළැක්වීම සඳහාත්, වරාය හා ගුවන් තොටුපොළ ආදී ස්ථාන හරහා පිටරටින් මෙරටට මත්ද්‍රව්‍ය ඇතුළුවීම වැළැක්වීම සඳහා මෙන්ම රට තුල මත්ද්‍රව්‍ය ජාවාරම පූර්ණ වශයෙන් මර්දනය කිරීම හා එමගින් ඇතිවන සමාජ ව්‍යවසනයන් වැළැක්වීම සහ ඊට අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම ද මෙම කාර්ය සාධක බලකායට පවරා ඇත.

බන්ධනාගාර ආශ්‍රිතව සිදු කෙරෙන නීති විරෝධී හා සමාජ විරෝධී ක්‍රියා පිලිබඳව සොයා බැලීම සහ ඒවා වැළැක්වීම එහි තවත් වගකීමකි.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති