චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයට සිදු කරන විදේශ මැදිහත්වීම් හෙළා දකින බව ශ්‍රී ලංකාවේ චීන මිත්‍ර සංගම් පවසයි

2020-06-03 10:05:55
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයට සිදු කරන විදේශ මැදිහත්වීම් හෙළා දකින බව ශ්‍රී ලංකාවේ චීන මිත්‍ර සංගම් පහක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ශ්‍රී ලංකාව හා හොංකොං විශේෂ පරිපාලන කලාපය ‍ඓතිහාසික හා ආර්ථික සබඳතාවන් භුක්ති විඳිමින් සිටින අතර ඉන් දෙපාර්ශ්වයටම ප්‍රතිලාභ ගෙන දී ඇතැයි ශ්‍රී ලංකා චීන මිත්‍ර සංගමය, ශ්‍රී ලංකා චීන සමාජය, ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගතා සංගමය, ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන් ‍ගේ සංගමය , ශ්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍රත්ව සංගමය නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයේ දැක්වේ. 2019 වසරේ සිට හොංකොං විශේෂ පරිපාලන කලාපයේ වර්ධනය වූ ගැටුම්, ත්‍රස්ත ක්‍රියාකාරකම් හා නිර්ලජ්ජිත විදේශ මැදිහත් වීම් හොංකොං හී සාමයට, ස්ථාවරත්වයට හා සෞභාග්‍යයට අහිතකර ලෙස බලපෑම් එල්ල කළේය. චීනය හා ශ්‍රී ලංකාව ඇතුළු ‍ඕනෑම රටකට ජාතික ආරක්ෂාව සමාජ හා ආර්ථික සංවර්ධනයට මූලධර්මීය පූර්ව‍ කොන්දේසියකි. ශ්‍රී ලංකාව පසුගිය දශක කිහිපය තුළ බෙදුම්වාදය, ත්‍රස්තවාදය සහ විදේශ මැදිහත්වීම් පිළිබඳ සමාන වේදනාකාරී ඉතිහාසයක් භුක්ති විඳ ඇති අතර ඕනෑම විදේශ මැදිහත්වීමකට තදින්ම විරුද්ධ වන අතරම ස්වෛරීභාවය, ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාව දැඩිව ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින බවද එම නිවේදනයේ දැක්වේ.

හොංකොං සහ සමස්ත කලාපයේම සාමය, ස්ථාවරත්වය සහ සමෘද්ධිය නිසැකවම ඉහළ නංවන හොංකොං ජාතික ආරක්ෂක නීති සම්පාදනය කිරීමට චීන ජාතික මහජන කොංග්‍රසය ගත් තීරණය කෙරෙහි සතුටු වන අතර එය දිරිගන්වන්නක් බවද එම මිත්‍ර සංගම් සඳහන් කරයි.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති