සෞඛ්‍ය තත්ත්වය යහපත් වූ වහාම ඡන්ද විමසීම පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි

2020-06-02 16:21:55
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

සෞඛ්‍ය තත්ත්වය යහපත් වූ වහාම සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් වලට අනුකුලව හැකි ඉක්මණින් ඡන්ද විමසීම පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (01) විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කළේය.

ජුනි මස 20 වෙනි දිනට යෙදී තිබූ ඡන්ද විමසීම පවතින තත්ත්වය හමුවේ සිදු කළ නොහැකි බව දැනටමත් ජනාධිපති නීතිඥවරුන් හරහා ගරු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දන්වා තිබෙන බවද ඔහු කියා සිටියේ ය.

ඡන්ද විමසීම පැවැත්වීමේ සුදුසු දිනය නියම කිරීම පිළිබඳව නෛතික බාධාවක් ඇති නොවන්නේ නම්, මැතිවරණ කොමිෂන් සභාව ඒ සඳහා වෙනත් දිනයක් නියම කරන බවත්, මැතිවරණය දිගින් දිගටම කල් තැබීමේ කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බවත්, මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ජනතාවගේ ඡන්දයෙන් තේරී පත් වූ පාර්ලිමේන්තුවක් ප්‍රජාතන්ත්‍රවාදී රටක පැවතීම අත්‍යවශ්‍ය බව,මැතිවරණ කොමිෂන් සභාව දැඩිව විශ්වාස කරන්නේ යැයි ද මහින්ද දේශප්‍රිය මහතා මෙහි දී සඳහන් කළේය.දැනටමත් කර ගෙන යන ව්‍යවස්ථාපිත වැඩකටයුතු ඒ ආකාරයෙන්ම සිදු කෙරෙන අතර තැපැල් ඡන්ද අයදුම්පත් වලට අදාළ ක්‍රියාවලිය බොහෝ දුරට අවසන් කර ඇති බව ද ඔහු කියා සිටී.

මේඅතරජනාධිපතිවරයාවිසින්පාර්ලිමේන්තුවවිසුරුවාහැරීමසහජුනිමස20වනදාමහමැතිවරණයපැවැත්වීමඅභියෝගයටලක්කරමින්ගොනුකරඇතිමූලිකඅයිතිවාසිකම්පෙත්සම්විභාගයටනොගෙනප්‍රතික්ෂේපකිරීමටශ්‍රේෂ්ඨාධිකරණයතීන්දුකරඇත.දින10ක්පුරාපෙත්සම්කරුවන්ඉදිරිපත්කළකරුණුසළකාබැලූශ්‍රේෂ්ඨාධිකරණයේපංචපුද්ගලවිනිසුරුමඩුල්ලඅදාළපෙත්සම්විභාගයටනොගෙනප්‍රතික්ෂේපකිරීමටඅද(2)තීරණයකළහ.


වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති